Tuesday, May 31, 2016

උපන්දිනය...
ජිවිතයේ තවත් විශේෂ  සන්දිස්ථානයක්  සහ අවුරුද්දකට එක වරක් පමණක් ලැබෙන මතක සටහනක් ...
.
.
***දවල් වැඩ ගොඩක හිරවෙලා ඉද්දි ජංගමය නාදවෙනවා ඇහුනේ නෙමෙයි දැනුනේ ටිකක් වෙලා ගියාම..(vibrate නිසා )ලාච්චුව දෙදරලා දැනුන..
/.
.

"හෙලෝ .."

"ඒයි ඉබ්බෝ මොකෝ කරන්නේ ?...
.
.
වැඩ ගොඩ නිසා උන්නේ ටිකක් තදවෙලාය..
.
.
"ඇයි මොකෝ...මං මේ නානවා..

"නානවා...">>?#$@!$%@#

"ඔවු ඇයි ..

"කොහෙද නාන්නේ

"office එකේ..මගේ මේසේ ළඟ shower එකක් තියේ...එකෙන් මේ නාන ගමන් ඉන්නේ ..දැනුයි සබන් ගාන්නේ..

"ෂා..ශෝයිනේ බබා..ඔයා  ගෙදර නාන්නේ නැති නිසා දැන් office ඇවිත් ද නාන්නේ..හොඳ ළමය..ආහ් එක නෙමෙයි ..ඇදුම් නැතුව නානවා එහෙම නෙමෙයි..මරනවා මං .හරිද..එක එකාට පේන්න  මෙතන..
.
.
ඇය විහිළුවකට ගත්තාය..
.
.
"මේ මගෙන් මොකුත්  අහගන්න එපා හරිද ....ඇයි බං යෝදියේ ..වැඩ ගොඩ ගැහිල,තව call කරල මොකද කරන්නේ .අහනවා...පස්සේ ගන්නවා මං තියනවා phone  එක ..
.
.
ඔලුව අවුල් වී තිබු නිසා එහෙම කියන්නට ඇත...විනාඩියකින් යථාතත්වයට නොපැමිණීම යනු ජිවිතයේ මහා විප්‍රයෝගයකට කොටුවීමක් බව දන්නා නිසා..නැවත ඇය ඇමතුවෙමි...
.
.

වරක් නොව දෙවරකට පසු වර ඇය ප්‍රතිචාර දැක්වූවාය..
.
.
"මොකද answer නොකළේ..?..

"නෑ මං මේ නානවා ඒකයි ...ඇයි මොකෝ...

"ආහ් ..ඇත්තද ??හා සබන් ගෑවැයි ..මැට්ටි ..හරි ඉතිං සමාවෙන්න ...මොකද ගත්තේ කියන්නකෝ ඔයා ..
.
හැමදාම අන්තිමට මොනවා කවුරු කලත් සමාව  ගතයුත්තේ මා ය ...
සාදාරණ ,අසාදාරණ මොක උනත් එහෙමය..
ඒ හැටිය..
.
.
"මට උපන්දිනේට මොනාද දෙන්නේ???....???>>>??..
.
.

හපොයි....හඳුන්පොත කීං ගෑවේ එතකොටය...
.
.
උපන්දිනය බැවු දනිමි...ඉතිං පුදුම කල යුතුය...නැතිනම් මට පුදුම වන්නට වන බවද  දනිමි/...
.
.
"ආහ් ..කියල දෙන්නේ නෑනේ  මොකුත්ම බලන් ඉන්න,
ඔයා මෝඩයි,
එහෙම ඉල්ලලා මොකුත් ගන්නේ නෑ .හරිද ..

"හාකෝ එහෙනම්...බලන් ඉන්නම්,
හැබැයි දන්නවනේ මගේ හැටි...
මට ඕනි,මං ආස ,මට දැනෙන දෙයක් ඕනි එච්චරයි...
හා දැන් වැඩ කරන්න මහත්තයෝ ...මං  ටිකක් අවුස්සන්න  හොඳේ  ගත්තේ..
තියන්නම් එහෙනම් බුදු සරණයි ...පරිස්සමට...
.
.
"බුදු සරණයි බබා ....
.
.
.
**දෙන්නට ඇත්තේ මෙපමණකි....

මා ඇයට අසීමිතව ප්‍රේම කරමි...අසීමිතව ලොබ බඳිමි...අසීමිතව ගෞරව කරමි ..
තවද ..
නිවුටන්ට තුන්වැනි නියමයක් සොයාගන්නට හැකි වු බැවින්..මම ඇයට අසීමිතව වෛර කරමි...
(වරදවා වටහා නොගන්න,)
ඒ වෛරය වනාහී සියුම් ස්නායු මූලයක හටගන්නා ..ක්‍රියාවකි...
...
.
.
.
.
.## උපන්දිනේ ළඟ එන හින්දා ...
මාවත් අරගෙන මගේ උන්දා ..
සාරී ගන්නලු අනේ මන්දා ..
සාප්පු ගානේ ගියා ...##
.
පුංචි හිනාවක් එක්ක
ෆ්‍රෙඩි සිල්වා මහත්තයගේ සින්දුවක් අන්තිමට මට හෙමින් මිමිනුණා ......
.
.
{ ප.ලි }
.
.
.
.
.
.
......................ඕනෑම ක්‍රියාවකට ඊට සමාන වූද ප්‍රතිවිරුද්ද වූද ප්‍රතික්‍රියාවක් ඇත..........
                                                                                           (සර් අයිසැක් නිවුටන්)
.
.
අදට ගිහින් එන්නම් එහෙනම්..ආදරෙන්  ඉන්න....
31/05/1016 

No comments:

Post a Comment