Thursday, May 26, 2016

පුංචි පුංචි රණ්ඩු සරුවල්,නොහොඳ නෝක්කාඩු  සහ හිත් රිදවාගැනීම් ආදරවන්තයන් අතර
සාමාන්‍ය දේවල්...මං  එහෙම කියන්නේ අත්දැකීමෙන්.ඔබත් මං කියන දේට එකඟ වේවි...
හැබැයි එහෙම කරන ආදරේ මොකක් හරි හේතුවකට මහා වෛරයකට පෙරළුනොත් මොකක් වේවිද......???!!!!
.
.
හිතන්නවත් එපා..
 ඒක මේ ලෝකේ විදින්න පුළුවන්
සැහෙන කටුක අත්දැකීමක්.....
.
.
.

ඔබට මතක ඇති මගේ "මරණය "
සාපේක්ෂයි....
මරණය අවසානයේ නැවතත් මරණය...
.
.
.
.

හැමදාම වගේ අදත් office ආවේ ...
(ඉස්සර වගේ  උදේට නැගිටලා හරි අසාවෙන් ලෑස්ති වෙලා පට්ට fun  එකේ නම් නෙමෙයි)
මාස ගානක් හිරවුන වැඩ ටික තවත් ගොඩ ගැහෙන්න කලින් ඉවරකරලා දාන්න හිතාගෙන.
සෑහෙන තරම් පිඩනයක හිටියත් ඒ පීඩනය අඩුකරගන්න,
 යාළුවො හුගක් උදවු කරනවා...
.
.
දැන් ඇය අහිමි වී අවසානය ..ඉතින් අපි තවත් ඒ ගැන නොසිතා ඉමු.....
.
.
+*මචං හෙට ගයියගේ  weddin  එක..ඔන්න උඹට කිවුවේ  නෑ කියල නම් කියන්න එපා හොඳේ..හවස යනවා ලෑස්ති වෙලා හිටපං ....
+* ඔවු හොඳේ ඔන්න ඔයා එන්න ඕනි මෙතන නැත්නම් හෝතඹුව වගේ රිංගගෙන ඉඳි හෙටත් office එකේම...
අපේ කටකාරියක් එහෙම කෑගැහුවේ මං කොම්පියුටරේට ඔළුව ඔබාගෙන මොනවා හරි කොට කොටා ඉන්නකොට...
"හරි මං එනවා බං ...උගේ වෙඩිමට මන් නැතුව පුළුවන්ද ?...
.
.
මිත්‍රයෙක්ගේ විවාහ උත්සවයක්...
සහභාගී වීම අත්‍යවශ්‍ය කරුණක්..
ඒ නැතත් මා සැනසවිමට මිතුරන් ගන්නා උත්සහයක්....
එබැවින් යා යුතුය
.......නමුත්......
.
.
.
.
.
.

මා විවාහ උත්සව මගහරින්නේ හේතුවක් නිසාය...
අතිශය ප්‍රබල චිත්ත පිඩාවක් නිසාය...\
සරලවම අඬන්නට තවත් මට කඳුළු  නැති නිසාය....
.
.
.

.
.

.
"අම්මි මතක තියාගන්න..කවදාවත් ඔයා බඳින දවස මට දැනගන්න තියන්න එපා..පිං සිද්දවෙයි  කවමදාවත්....
මං කොහේ මොන තත්වෙක හිටියත් මට ඒ දේ දැනගන්න දෙන්න එපා.....
.
.
.
හිතවතුණි ...
.
.පා සුළඟිල්ලක සිට කෙහෙ රැළි කොනක් දක්වා ,මගේම වුනු හීනි ,දිගටි  ඇස් .,රෝස පාට හිනාවෙනකොට වලගැහෙන  පුංචි කම්මුල්, හුස්මගන්නකොට කිටි කිටියේ ගැහෙන ළමැද ,පුංචි රෝස පාට දෙතොල, පටලවගෙන ඉන්නකොට හෙමින් වෙවුලන ඇගිලි තුඩු,රතුපාටින් රත්  වෙච්ච කන් පෙති...

එකී,මෙකී,නොකී දැනුනු හැඟුණු සියල්ලම මගේය...
ආත්මාර්ථයෙන් කියමි සියල්ලම මගේය...
.
.
.
ඉදින්
මගේ උනු දෙතොල් , මම හුස්මක් පවා නොගෙන ඉබපු පුංචි දෙතොල්  ..
මගේ උනු ළමැද තුරුල උණුහුමට ගුලිවෙලා හිටපු ඒ මහා මෙරක් තරම් කාලය...
තුරුල් කරන් ඉබපු කන්පෙති,කෙහෙරැල් පවා
මගෙන් අහිමි වන තප්පරයක් එන බව දැන ,දැනම
එය..


.
.
ඉවසිය නොහැක්කක් නොව සිහියකින් පවා එයට මුහුණ දිය නොහැකි වනවා නොඅනුමානය...
.
.
.
 එදා සිට විවාහය දකින්නට අපහසුම දසුනක් ලෙස වර්ග කොට ඉවත ලා ඇත්තේ එබැවිනි..
.
..
.
.

.ඉතිං
සමාවෙයන් මගේ මිත්‍රයා .....
.
.


No comments:

Post a Comment