Tuesday, August 11, 2015

***අහිමි වීමේ ආරම්භය ලියන්න කියල හිතුන....
මාතෘකාවක් විදිහට එහෙම කියල පටන්ගන්නම්...
.
.
"ළමයෝ මට පාලුයිනේ.....හැමදාම මොනවද අනේ ඔයාට ඔය තරම් තියන වැඩ කිවුවම අහන්නකො මටත් ඕනි ඔයාගේ වේලාවෙන් ටිකක්...!!!
.
.
දවසක් මට පුංචි චෝදනාවක් එනවා ඔන්න ඔහොම..
.
"අනේ බබා ඉතින් මං පුළුවන් හැමවෙලාවෙම ඔයා එක්ක ඉන්නවනේ..!!
"ඔවු,ඔවු..ඉන්නවා අනේ එක ගැන නම් ඉතිං කියල වැඩක් නැනේ...!!
"මේකනේ දරුවෝ ඉතිං !දැන් වැඩ වැඩි. ඒක නිසා නිදහසක් ඇත්තෙම නැනේ මට..!!
"කවදද ඔයාට නිදහසක් තිබුනේ කියන්නකෝ..??!!
.
.
කල්පනා කර බැලීමි...
ඇය කියන්නේ ඇත්තය...මගේ නිදහස දැන් නැත්තටම නැතිවී ඇත...
.
"ඔයාට කන්න,බොන්න වත් වෙලාවක් නෑ බබා ඉතිං කොහොමද ඔයා නිදහසක් තියනවා කියන්නේ අහ් ..>>!!!
.
.
"දැන් දවස් කියකින් මාව බලන්නවත් අවේ නැද්ද ??!!කියන්න මට ඇත්තටම කිසිම වුවමනාවක් නැද්ද ?මාව බලන්න එන්න..!!
.
.
"මං ඔයාට කියල තියනවා නේද හැමදාම දකින ආදරේට වඩා ඉඳල හිටලා දකින ආදරේ ලස්සනයි කියල..!!
"අනේ මේ ඔයාගේ විකාර තියාගන්න අප්පා..මොනවම හරි කියන්න තියනවා ඔයාට..!!
ඔයා කියන විදිහේ ආදරයක් ඕනි නෑ මට...මට ඕනි සරල ආදරයක්..තේරුනාද?? ,මටත් ඕනි අනිත් කෙල්ලොන්ට වගේ තමන්ගේ කොල්ලට තුරුල් වෙලා වෙලා ඉන්න..,,ඉඹින්න...කොනිත්තන්න...බෙල්ලමිරිකන්න...මරන්නත් ඕනි..ඇයි ඔයාට ඒක තේරෙන්නේ නැත්තේ බබා...@@!!!
.
"තේරෙන්නේ නැතුව නෙමෙයි දරුවෝ ඉතිං ..හරි ඔන්න මේ සතියේ දවසක මං එන්නම්කෝ කොහොමහරි හොඳද..!!
"මේ එනවා කියල මෙතන බොරුවට මාව අවුස්සන්නේ නැතුව ඉන්නවා හරිද..ඕනි නෑ එන්න, හැමදාම ඔය office එකේම එල්ලිලා ඉන්නවා වවුලා වගේ..ඕනි නෑ එන්න...මං තියනවා...bye ...
.
.
මට ඇය අහිමි වීමේ ආරම්භය එය යැයි මම පිලිගනිමි..
.
.
ඔබට මා ආදරයේ හැඟීම්, ආදරයේ අර්ථයන් කෙසේ දැක්වුවත්, මට ඒ සියල්ල තේරුම් කරගැනීමට නොහැකි වීම දෛවයේ සරදමක් ලෙස පෙන්නේන්නේ ඒ නිසාය..
.
.
මට ඇය අහිමි වී ඇත...
.
සරලවම කියනවා නම් අවසානයේ මා පරාජය වුනෙමි...
.
.
දුකක් ඇත...කෙසේ හෝ වේවා..වචනයේ පරිසමාප්තයෙන්ම....ආදරය මට අහිමි වී ගියේය...
.
/ඉතිං වැටෙන්නට නොදී ඒ හිත රැකගැනීමට මා ඔබට භාරකරමි...,
.
.අදට එපමණය...

Sunday, August 9, 2015

එක දිගට ලිවුව නිසා ටික දවසක පොඩි විවේකයක් ගත්ත...අනිවාර්යයෙන් ආයෙම ඉක්මනට ලියන්නම් හොඳද..(ලියන්නේ නැත්තේ ඇයි කියල අහපු අය ගොඩයි ඒ ඔක්කොටම ඔන්න කිවුව එහෙනම් ඉක්මනටම ආයේ ලියන්නම් ...)
.
.
2015/08/09 
දේශාන් චන්දන සඳරුවන් ..

Thursday, August 6, 2015

අද දවසම, ලියන්න ද? නැද්ද කියන දෙගිඩියාවෙන් හිටියේ...
හිත ටිකක් අමුතු තැනකට  ගියා...
කෝ අද මොකුත් ලියන්නේ නැද්ද කියල අහපු අයත් හිටිය...
කොහොමහරි අන්තිමට මෙන්න මොනවා හරි ලියවේවි..
.
.
මොලයේ මරණයෙන් මාස ගණනකට  පස්සේ නැවතිලා තිබුණ හදවත අපහු වැඩ කරන්න පටන්ගත්ත...
හැබැයි කිසිම සංවේදකයක්,මතකයක් නැතුව...
.
.
ඔහොම ඉද්දි එක පාරම හවසක mssege එකක් එනවා..
* මං  දැන් ඉන්නේ ඔයා  වැඩ කරන තැන කිට්ටුව..හරියටම දන්නේ න එත් මට හිතෙනවා ඔයා මේ ලගම ඇති කියල..අවුල් කරන්න හිතුවේ නෑ  අනේ..දකින තැනක් හිටිය නම් අසයි එක පාරක් මුණ දකින්න...*-
.
.මගේ නතර වුනු  සංවේදක ස්නායුව දිගේ විදුලි රේඛාවක්  දුවල ගියේ එක පාරටම...
"පැටියෝ කොහෙද ඉන්නේ ?><>ඔයා කොළඹ ආවද ??අනේ කොහෙද ඉන්නේ කියන්නකෝ..!!
"මං galleface ඇවිත් ඉන්නේ...!!
"තනියම??!
"නෑ වෙඩින් එකේ වැඩ වගයකට  අයිය එක්ක කොළඹ අවා.. එයා ඉක්මනට එන්නම් කියල ගියා . දැන් කෝල් කලාම කියනවා තව පැය බාගයක්වත් යයිලු..අනේ මං  දන්නේ නෑ මේ කොහෙවත්ම දන්න  කෙනෙක්ට ඉන්නේ ඔයා විතරයි..!!

දෙයියනේ මේ කෙල්ල තනියම දාල ඒක කොහේ ගිහින්ද පිස්සෙක් අප්පා.අනේ මං  මොකද කරන්නේ යන්නද එපාද??? එකම එක හිත තැන් දෙකක නතරවෙනවා....
.
."ඉන්න මං විනාඩි 5න් එන්නම් හොඳද....!!..
.
.
"කොතනද ඉන්නේ?>!!
"මේ බංකුවක්  උඩ වාඩිවෙලා ඉන්නේ.. !!
"අනේ,දරුවෝ එහෙම කිවුවට මං  හොයාගන්නේ කොහොමද?..ඉන්න හරිය කියන්නකෝ..
"දන්නේ නෑනෙ කියන්න මට තේරෙන්නේ නෑ . මට බයයි අනේ එන්නකෝ..!!
.
.
හිතවතුණි,..
විශ්වාස කල යුතුය...
ඇය  ඉන්නා ඉසවුව ඇස් මානයේ ගැටිණි...
එය එසේ වුයේ කෙසේදැයි කියා බිඳකුදු පවා අදටත්  මා දන්නේ නැත..
නමුත්,
එකම හිස් ගොඩක් අස්සේ ඒ සුවඳ මට දැනුනා විය යුතුය...
.
.
 මා ඇය වෙත  ගියෙමි..
..මාස ගණනකට පසු ක්‍රියාකාරී උනු හදවත නැවත නතර වී කීරි ගැසිණි...
.
.
අනේ ඒ පුංචි ඇස් වල පෙනුම,,.. බියෙන් තැති ගත පුංචි මුව පොවුවෙකුට සමාන කල හැකි නම් මා එසේ කරමි..
.
.
'දරුවෝ...ඇයි මේ...!!
. .
.
එකඳු වචනයකුදු තබා ගත් හුස්ම පහත හෙලීමට  පවා ඇයට අමතක විය....ම එය හොඳාකාරවම දුටිමි....
.
.
'ඔ..ඔයා ..ආ..අවද??..!අනේ ...
/
.
මළානික පුංචි ඇස් වලින් දිළිසෙන කඳුළු කැට...
.

මිතුරනි..ඒ දසුන මට කෙසේ හෝ වේවා ඔබට දරාගත නොහැකි වනු ඇත...
ඒ නිසා ඉන්පසු විනාඩි ගණනක  සිදු වූ සියල්ල ...
(ආත්මාර්ථ කාමී කම කියා සිතා ගන්න..).
මා ඔබ සමග බෙදාගන්නේ නැත.....
.
.
අවසන් තප්පර කිහිපය පමණක් මෙසේ ඉදිරිපත් කරමි...
.
.
'දැන් අයිය එනවා කිවුවනේ පරිස්සමට ඉන්න ...මතකනේ ආයේ  අඩන්නේ නෑ හොඳද ඔන්න...මං  යන්නම් ..බුදු  සරණයි දරුවෝ..මතකනේ කොන්දේසිය.?
වෙඩින් එක මම දැනගන්න බෑ කොහොමටවත්...!!පරිස්සමට ඉන්න අම්මි...!!
.
. ඇය කඳුළු අතරින් අවසානයේ හීනියට සිනහවෙන අතර  මා පසුපස හැරුනෙමි..
.
.
එතෙක් වෙලා ඇස් අග රැදුණු හැම කඳුළු කැටයක්ම මුණ දිගේ රූටා පහලට යන බව දැන දැනම ආපසු නොබලනු වස් පඩි කිහිපය නැග ගාලු පාරට ගොඩ වුනෙමි...
.
.
.
දුරකථන තිරයේ මෙසේ සටහන් වීය...
.
.
*අනේ හිත රිදුන නම් සමාවෙන්න දෙයියෝ...අන්තිම පාරට හරි මුණ චුට්ටක් බලාගන්න  කියල .හිතුන.එකයි එන්න කිවුවේ,..ආයේ කවදාවත් දකින්න නැති වුනොත්..මට සතුටුයි හුගාක්...එක පාරකට හරි මුණ දැක්කනේ.එත් හැමදාම මං ගැන විතරයි හිතුවේ..අදත් එහෙමයි.. පුලුවන්නම් සමාවදෙන්න  මට.. tc bs
.
.
අවසානයේ අන්තිම අවසානයේ මහ මුහුදත්,මමත්,ආදරයත් තනිවිය...
.
.
හිතවත්  පාඨකය එපමණය...!!!!

Wednesday, August 5, 2015

අද ටිකක් අමුතු දෙයක් කතා කරන්න හිතුන...සමහර විට ඔබ අකමැති වේචි ...හැබැයි හැමදාම,හැමතැනම ජිවිතේ ගැන විතරක් ලියද්දි ඒ දේ ගැන නොලියන එක අසාධාරණයක් කියල හිතුන...

*****මරණය *******
.
.
අපි හැමෝම කැමති ජිවත් වෙන්න.අපිට ලැබිල තියන මේ පුංචි කාලය උපරිමයෙන් විඳින්න..හැබැයි දන්නවද දෙයක් අපි මේ ජිවිතේ එක පාරක් හරි මැරිලා තියනවා..මං  කියන්නේ ජිව විද්‍යාත්මකව නෙමෙයි...හැබැයි අපේ හිත මැරිලා තියනවා...
පුදුම හිතෙන දෙයක් කියන්නම්
 මම එක පාරක් මැරුණා කිවුවොත් ඔබ විශ්වාස කරනවද...ඔබ මට හිනාවෙයි...හැබැයි,ඇත්තටම කියන්නම් මගේ හදවත නතරවෙලා තියනවා....
..
.
.
 මෙහෙම පටන්ගන්නම් ..
වෛද්‍ය වෘත්තිකයෝ මරණය කියල හඳුන්වන්නේ මොලයේ සිද්දවෙන සංකීර්ණ  ක්‍රියාවලිය නැවතීම..එකට කියන්නේ මොලයේ මරණය...
එක සිද්දවෙන්නේ මෙහෙමයි...
යම්කිසි වෙලාවක අපේ හදවත මොනවා හරි බාහිර ක්‍රියාවක් නිසා අකර්මන්‍ය වෙනවා...එතකොට අපේ හදවතින් රුධිර පොම්ප කරන එක නතර වෙනවා...මුලිකවම සිද්දවෙන දේ ඕක.....
.
.
.
+* දවසක් ඔය කියන දේ මට වෙනවා එක වෙන්නේ මෙහෙමයි..
'' හෙලෝ ඔයා  වැඩකද  ඉන්නේ..!!
"නෑ,පැටියෝ ලොකු වැඩක් නෑ කියන්නකෝ..!!
"කලබල වෙන්නේ නෑ කියන්න..!!
"අනේ අනේ බබා ඔයා  ඕක කියනවද නැත්නම් මං වැඩ කරන්නද??..ගල් ඉබ්බි අවා මෙතන මාව අවුස්සන්න..!!
"අනේ විහිළු නෙමෙයි මට ටිකක් කතා කරන්න ඕනි.."
"ඇයි අද මට කවදාවත් නැතුව 'ඔයා' 'ඔයා' කියන්නේ..හා කමක් නෑ ඉතින් කියන්නකෝ අප්පේ මගේ පුංචි හා පැංචිට මොනවද කියන්න තියෙන්නේ...?>!
"මේක කිවුවට පස්සේ මං ෆෝන් එක තියනවා මට කතා කරන්න අමාරුයි..!!
"අම්මි...!!මාව අවුස්සන්නේ නැතුව ඕක කියනවද මගුල.....!!
.
.
.
හදවතේ කපාල 4 ම වැහෙනවා...එක පාරම ..
රුධිර සංසරණ පද්දතියම මොහොතකට නතර වෙනවා...
හුස්ම ගන්න ඕනි.,හැබැයි ගන්න බෑ...
පෙනහළු ගර්ත වල පිරිලා තිබුන හැම හුස්ම පොදක්ම අහකට ගියාට පස්සේ ... හෙමිට ඇකිලෙන  ගර්ත තව හුස්ම ඉල්ලනවා...
හිතවතුනි...
මට  ඇහෙනවා හීනියට  අමාරුවෙන් පෙනහළු කෙඳිරි ගාන සද්දේ....
නාස් පුඩු ඉහලට අදින්න හුස්ම හොයනවා...... එත් මං  වටේ කැරකෙන මිශ්‍ර වාතය මට හිනාවෙන ගමන් අතට ඇදිල යනවා....
.
.
ඊට පස්සේ මට දැනෙනවා මගේ මොලේ රුධිරය ඉල්ලන හැටි....
ඉල්ලලා,ඉල්ලලා..වැඳ වැටුනත් හදවතින් කවදාවත් මං  කියන දේ අහන්නේ නෑ ...
..මුලින්ම මට නැතිවෙන්න් චාලක ස්නායු.....
ඊට පස්සේ සංවේදක ස්නායු...මට දැනෙනවා අන්තිම වතාවට...මං  දැකපු, අහපු,දැනුනු...ස්පර්ශ කරපු හැමදේම..මං දැකපු ඒ රූපේ..අහපු ඒ කටහඬ,ඒ අත්වල සිනිඳු දැනීම්..තුරුල් කරන් ඉඹපු   ඒ තොල් වල රස....හැමදේම......
.
.
.
මගේ ඇස්  පියවිගෙන යනකොට....අන්තිමට නැතිවෙන්න පටන්ගන්නවා මතකය සම්බන්ද කොටස්...එක තමයි අවසානය..අනේ මට එකවත් ඉතුරු කරන්න කියල ඉල්ලනවා...එත් කාටවත්ම ඇහෙන්නේ නෑ ...ඒ ගෙවපු හැම තප්පරයක්ම චිත්‍රයක් මකනෙකින් මකනවා වගේ මැකිලා යනවා...අනේ ඒ ඇස් ,,මං  ආසම සිනිඳු කොන්ඩේ,,,රෝස පාට  කම්මුල්..
.
.අන්තිම අවසානයේ ඒ සොඳුරු මුණ....
.
.
හදවත නතර වෙලා විනාඩි 5කට පස්සේ මං මැරෙනවා..
වෛද්‍ය වරු තීරණේ කරනවා..
...මෙය මොලයේ මරණය නිසා සිදු වූ මරණයක්.....
.

.
.
.
"මං ඔයාව දාල යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ ..!!මං,,මං  ගැන විතරයි හිතුවේ,එකට මට සමාවෙන්න.....අම්මල කියපු කෙනාට මං  කැමති වෙනවා....පරිස්සමින් ඉන්න..බුදු සරණයි..!!
.
.
.
ඔන්න ඔහොමයි මගේ කතාව අවසන් උනේ...
.
.
.

***අදට යනවා එහෙනම්...ජිවිතේ අලුත් විදිහකට දකින්න අයෙත් හම්බවෙමු .....

Tuesday, August 4, 2015

මුලින්ම කියන්නම් අද සරලයි හොඳේ.....
''අද මොනවත් ලියන්නේ නැද්ද???....!!
''ම්හ් අනේ අද මොකුත් ලියන්න හිතුනේ නෑ තවම..!!
''අපි මෙයා ලියන ඒවා කියවන හින්ද දැන් මෙයාගෙත් හරි ලොකු සීන් ඕනි නෑ ලියන්න නිකම් ඉන්නවා අපි ආයේ කියවන්නේ නෑ ..!!
දවල් 11 වෙනකොටවත් මොකුත් ලියවිලා නැති නිසා හිතවතියක් මට පුංචි චෝදනාවක් කරනවා...
''ඇයි යකෝ මොන හත්තිලුවක්වත් ඔලුවට එන්නේ නැත්නම් අහවල් එකක් ලියන්ටයැයි ..????!!
''අනේ මේ තියාගන්නවා තමුන්ගේ කතා ආයේ බලන්නේ න එච්චරයි..!!
.
.
.
.
.
හිතවතුණි!
මස්ථිෂ්ක කපාලයේ අනු මස්ථිෂ්කයට පහලින් සංවේදී ස්නායු මූලයක හටගන්නා වූ වචනයෙන් විස්තර කල නොහැකි ඒ හැගීම් සමුදාය
සුසුම්නා ශීර්ෂය දිගේ හදවතටත්,එතනින් රක්ත රුහිරෙන් පොඟවා .. නැවත රුධිර නාලිකා දිගේ දකුණු අතටත්,එතනින් අකුරකින් ඒ හැගීම පිටවීම දක්වා වූ සංකීර්ණ කාර්ය අද ලත් තැනම ලොප් වී ඇත..
.
.
ඉදින් මා කුමක් කරන්නද???
අද උදේ පට්ට වැස්සක් වැස්ස නොවැ..කොට්ටේත් තුරුල් කරන නිදාගෙන හිටියට එක පාරම මතක් උනා.හුටා..අද වැඩට යන්න එපැයි ..
කොහොම හරි පාරට අවා කියමුකෝ..(එතකොට වැස්ස නැවතිලා)
ඔන්න ආයෙම මහ වැස්ස කඩන වැටුනා.......කුඩේකුත් නෑ පොඩ්ඩක් තෙමුනත් එක්ක..
එතකොට කෝල් එකක් එනවා...
.
.
.
.
මං ප්‍රශ්නයක් අහන්නම්
ඔයාල ආදරේ දකින්නේ කොහොමද....??
ආදරේ කරන දෙන්නෙක්ට එක්කෙනෙක් වෙන්න පුලුවන්ද??
ආදරේ කරන අයට ඒ දෙන්නව දැනෙනවද??
.
.
මං ඔය 3ටම එක උත්තරයක් දෙන්නම්.....
.
.
''පැටියෝ වහිනවා නේද???!!
'' ඔවු අම්මි මං ගෙදරින් එනකොට වැස්සේ නෑ ඒ උනාට දැන් වහිනවා හොඳටම...!!මං මේ කඩයක් අයිනට අවා ..!/
''කුඩයක් ගෙනාවේ නෑ නේද??
"නැනේ....!!
"ඔයා තෙමුනා නේද හොඳටම...කොච්චර කියල තියනවද කුඩයක් ගෙනියන්න කියල ඇයි පණ ඔයා අහන්නේ නැත්තේ ..පුංචි කුඩයක් ගෙනියන එක මහ දෙයක්ද?!!
"තෙමුණේ නෑනේ රත්තරනේ ඉතිං මං..!!
.
.
ඊට පස්සේ
මට හරි අපුරු උත්තරයක් හම්බවුනා ...
.
.
.
.
"ඔයාට මතකද ඔයාගේ නළලට වැටිච්ච පලවෙනි වැහි බිංදුව ..ඔයාට මතකවත් නෑ නේද ??දන්නවද මට දැනුන දේ....!!
ඒ වැහි බිංදුවම මගේ නළලටත් වැටුන..මං ඒ වැස්සෙන් ඉල්ලුවේ මොකද්ද දන්නවද අනේ පිං සිද්දවෙයි වැස්ස මගේ පුංචි අප්පච්චිව තෙමන්න එපා....!!!
හිතවතුණි එපමණය....

Monday, August 3, 2015

අද උදේ ඇහැරුණාම මම ටිකක් වෙලා ඇදටම වෙලා බලාගෙන හිටියා...
මගේ කාමරේ ජනේලෙන් අහස පේනවා ලස්සනට..
වෙලාව 7ට විතර හින්ද හොදට එලිය වැටිලා තිබුන...
(දැන් ඉතින් කියපල්ලා මු 7 වෙනකම් පස්ස උඩ දාගෙන  බුදියගෙන මගුලක් කියවනවා කියල..)

ඉස්සෙල්ල අහන් ඉන්නකෝ..

මුළු අහසම නිල් පාටයි..මං  ලෝකේ වැඩියම ආස පාට දෙකයි තියෙන්නේ..
එකක් ඒ අහසේ ළා නිල..
අනිත් එක
කෙසෙල් දල්ළේ ලා කොළ පාට ...
එකත් වැඩක් නෑනේ ඔයාලට නේද?දැන්  නම් හිතයි මේකා මගුල් කියවනවා කියල...එපා වෙනවා නේ..


සමාවෙන්න ...

ඉතින් මුලින්  අහස  නිල් පාටට තිබුනට මට පේනවා ජනේලේ කොනකට වෙන්න සුදු පාට පුළුන් ගොඩක් වගේ වලාකුළු රොත්තක්..හෙමින් හෙමින් මගේ ඇස් මායිමේ තිබ්බ ඒ නිල්  පාට අහස .වහගන්නවා..මං හෙමිට එක ඇහැක් වහල බැලුව....අප්පට සිරි පොඩ්ඩ පොඩ්ඩ මෙන්න බොලේ වලාකුළු ගොඩාක් ඉස්සරහට එනවා..අනිත් ඇහැත් වහගත්ත....

ඇස් දෙකම පියවුනාට  පස්සේ මට පෙනුනේ මොකද්ද දන්නවද.....
..........




''කමක් නෑ, ඔයා  දිගටම ලියන්න හැබැයි හොදට මතක තියාගන්න පැටියෝ....ඔයා  ඔය ලියන හැමදේකින්ම මට රිදෙනවා..!!!
අනිත් එක මතක තියාගන්න ඔයා මොනවා කොයි විදිහට ලිවුවත් මං  හැමදාම හිතන්නේ,දැනෙන්නේ ඒවායේ ඉන්නේ මමයි ඔයයි විතරයි කියල ඒ හින්ද මේ පුංචි කෙල්ලට දිගටම රිද්දන්නේ නැතුව ලියන දෙයක් ලියන්න එච්චරයි.."

හිතවතුණි !! මා ඇයට රිදවනවා නොවේ...ඇරත් මා ඇයට රිදවා මොනවා  ලබාගන්නද ??
සුළගට ලතාවට වැනෙන කෙහෙරැල්ලෙන් පටන් ගෙන සුළගිල්ලේ රෝස පාට නියපොත්තෙන් අවසන් වෙන ඇගේ සියුම් යැයි කියන්නා වූ සෑම සියලු අංගයකටම,සිතිවිල්ලකටම, මම පෙම් {කලෙමි} ....

***මග හැරේ යයි සිතා  ඔබට මතක් කල යුතුය. මා එම වාක්‍ය අවසන් කලේ ව්‍යාකරණ  රීතියේ කුමන කාලයෙන් දැයි නැවත බැලීම මැනවි ****







ඇස්  පියවුනාම මට ආපහු  පෙනුනේ මං  ගොඩාක්  ආස කරපු වලාකුළු නැති නිල් පාට අහස විතරයි...

....ගිහින් එන්නම් ආදරෙයි මම හැමදාම ඒ අහසට ....

Sunday, August 2, 2015

අද ඉරිදා....හැමෝගෙම  නිවාඩු දවස...ඒ උනාට මං  හැමදාම වගේ අදත් වැඩ....
මොනවා හරි ලියන්න කියල ආවට  තවම මොකුත් හිතට ආවේ නෑ....
එහෙමයි කියල මොකුත් නොලිය ඉන්නත් බෑ.

අපි සමහර වෙලාවට අපේ ජිවිත ගැන තීරණය කරන්න බාරදෙන්නේ අපේ හිතට..
සමහර වෙලාවට අපේ ඔලුවට..
මට දැනුන දෙයක් කියන්නම්,
කවදාවත් ඒක ඔලුවටවත්,හිතටවත්  බාරදෙන්න එපා..

හේතුව...

අපි හිතට එකඟව ගන්න සමහර තීරණ අපේ ඔලුව ප්‍රතික්ෂේප කරනවා.ඒ කියන්නේ සරලව කිවුවොත් මෙහෙමයි..

++++
ෆෝන් එකට message එකක් අවා..

*ඔයා ආයේ  ලියන්න එපා මං  කැමති නෑ...*-

# ඇයි ඒ මොකටද මට ලියන්න එපා කියන්නේ...#..-

*ඔයා ලියන ඒවට මං  ආසයි ඒ උනාට ආයේ ලියන්න එපා. මට හිතෙනවා ඒවයේ ඉන්නේ මං කියල.මට දුකයි එතකොට ..*-

# අනේ දරුවෝ..මං කිවුවනේ ඔයාට ඒ චරිත වලට කවුරුත් ආදේශ කරගන්න එපා.ඇත්තටම එහෙම කවුරුත් නෑ.ඒ ඔයාවත් මමවත් නෙමෙයි තේරුනාද??..#-

* ඒ උනාට එපා ඔන්න හොඳේ..ඒවායේ ඉන්නේ මම තමයි ඔයා  බොරු කියන්නේ...ඔන්න ආයේ කිවුවේ නෑ කියන්න එපා, ලියන්න එපා එච්චරයි..*-
*bye tc .*-

එපමනය..
ඇයට තේරුම් කිරීමට යාම,
 අහසින් තරුකැටයක තිබෙන වතුර  සමග මහා මුහුදෙන් ගත් පස් පිඩක් එකට අනා  ගුලි කොට ගහක තියන බෙනයක් වැසීමට සමත් නම් එය  කල හැකි නම් ඊටත් වඩා  අපහසුය..

ඉදින් මා කරබාගතිමි.....

හිතට ඉඩදෙන්නද?..නැතිනම් ඔලුව කියන දේ අහන්නද?..

ආදරය අපිව සමහර වෙලාවට පට්ට විදිහට අසරණ  කරනවා..
හේතුවක් කියන්න මං  දන්නේ නෑ හැබැයි එකක් ඒ අසරණ කම හැමෝටම දැනෙනවා...


# මං  දිගටම ලියනවා පුළුවන් නම් බලන්න නැත්නම් නොබලා ඉන්න...එච්චරයි...#.-


හදවතේ පුංචිම කොනක ඉපදුණු කඳුල....
කේශනාලිකා දිගේ නෙත් අගිස්සට  ඇවිත්..
ගුරුත්වය නොහඳුනන ලෙස...
බිමට නොවැටී රැඳී තිබේවි නෙත් කොනේ...
අනේ කඳුල....
බිමට වැටෙන්න .......
කැමති නෑ මම ,
ආයෙම කේශනාලික දිගේ ....


....හදවතට යනවට......




ආයේ එනකම් බලන් ඉන්න හැමදාම ආදරෙයි....*#*# ඒ ආදරේට ......

Saturday, August 1, 2015

උදේ පාන්දර කෝල් එකක් එනවා....බලාපොරොත්තුවෙන් හිටපු කෝල් එකක්.....
''පැටියෝ ඔයා blog එක ලියනවද ආයේ ?...මගේ යාලුවෝ ඔක්කොම කියනවා අන්න අයියා කතාවක් දාල බලන්න කියල.ඔයා කරන කියන වැඩ මට කියන්න කියල තියනවා නේද??!!
'වෙන අය තමයි මට කියන්නේ එකත්.ඔය මහා මෝඩයෙක් අප්පා...!!

හිතුවා හරිය ඇය කොහෙන් කෝ දැනගෙන ඇත...දැන් උත්තර දිය යුතුය....

''දරුවෝ ලිවුවා තමයි ඉතිං..ඔයාට කියන්න හිටියේ.කෝ බැරි වුනානේ..සමාවෙන්න හොඳේ..!!
''ඕනි නෑ හොඳ නෑ  ඔයා..මං ආසයි  කියල දන්නවනේ ඒවා කියවන්න...හා දැන් ඉතින් බලන විදිහ කියන්න..මට දැන්ම බලන්න ඕනි.ඩොන්ගල් එකකුත් හොයාගෙන අවා ඔන්න හා ද???!!
'මුල ඉදං කියන්න කරන විදිහ කොහොමද blog එකට යන්නේ???

**උභතෝකොටිකයකි *****
ගැණු දැරිවියකට අන්තර්ජාලයට පිවිසීමේ සිට සියල්ල කියා දිය යුතුය...

කොහේදෝ තැනක **උභතෝකෝටිකය **අර්ථ දක්වා තිබුනා මතකය..  මතකයේ හැටියට එය ඉදිරිපත් කරමි..


එකෝමත් එක කාලයක,දවසක බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් පාලනය කරන සමයක .....

නෙමෙයි හොඳේ....

කොහෙද මන්ද පළාතක එක මිනිහෙක් නවාතැන්  පොලක රාත්‍රිය ගෙවන්න නැවතුනා...
(පිටකොටුවේ ලොජ් එකක නම් නෙමෙයි හරිද)
ඉතින් ඔහොම නැවතුන මනුස්සය ඔන්න ඇඟ පත එහෙම හොදන් අවා ඇඳට දොයියගන්න කියල හරිය...
මිනිහ ටිකක් වෙලා නිදන් ඉඳල එක පාරටම ඇහැරුනා ඔං ...
මෙන්න බොලේ එක කෙලියයි...

මිනිහගේ වම් පැත්තෙන් ඇලවෙලා ඉන්නවා ලෝකේ ඉන්න ලස්සනම...ලස්සනම..රුප සම්පත්තියෙන් අග තැන්පත් පංච කල්‍යාණ යෙන් අනූන කොටින්ම කිවුවොත් දැක්කම පිස්සු හැදෙන පට්ට කඳක් තියන කෙල්ලෙක්...ඇත්තටම කිවුවොත් මෙයා ගණිකාවක් ....ඉන්නේ ඇඟේ නූල් පොටක් නැතුව .......(මවාගෙන බලපල්ලා හොඳේ 18+ එවුන්ටයි කියන්නේ අනිත් උන් මවාගෙන නොබැලුවට කමක් නෑ )
හොඳම කෙලිය දකුණු පැත්තට වෙන්නත් කෙනෙක් ඇලවෙලා ඉන්නවා....
ඒ ඉන්නේ ලෝකේ ඉන්න දරුණුම සමලිංගිකයා(පිරිමි පාර්ශවික)....
කොච්චර දරුණුයිද කියනවා නම්...පිරිමියෙක් පේන්න බෑ ...එකත් ඉන්නේ නිරුවතින් හොඳේ...එක තප්පරයක් ඇති  මිනිහට බාල අපචාරයක්  කරන්න...
(පවු අනේ)



 වටේ ගිහින් ආයේ  කතාවට ,,,;;
 ඔන්න දැන් අර මනුස්සයට ප්‍රශ්නයක් එනවා....ඒ මිනිහට විතරක් නෙමෙයි අපිටත් ප්‍රශ්නයක්....?????$%&**@#$@$$@#$#%$'[

+++++{අර මනුස්සය කොයි පැත්තටද පස්ස හරවන්නේ}+++++


 ඒ වෙලාවේ ඒ මිනිහත්, මේ වෙලාවේ ඔබත් මාත් නතර වෙන තැන තමයි.
           ........ ***උභතෝකෝටිකය***.......


ඔන්න ඔහොමයි මම දැකපු ඒ කතාවේ උභතෝකෝටිකය අර්ථ දක්වල තිබුනේ.කවුරු හිතුවත් පට්ටේටම එක අර්ථ දක්වල තිබුන..




"හරි වස්තු... අහන ඉන්න ඔන්න මුල ඉඳන් බ්ලොග් එක බලන්න ඕනි විදිහ කියනවා හොඳේ...!!ගන්නකො ඩොන්ගල් එක සිම් එකත් දාල..!!
''ෂෝයි අප්පච්චි ඔයා...අන්න එහෙමනේ ඉන්න ඕනි..ආදරෙයි මං මගේ පණට....හා ඉතිං කියන්නකෝ...!!


පොඩ්ඩක් ඉන්න මේ වදකාරී ගෙන් බේරිලා එන්නම් එතකම් ආදරෙන් ජිවිතේ විඳින්න....