අඩන්නට වාරු නැත මට......
සිනහ වෙන්නට අමතකයි.
සිතන්නට සොඳුරු කවියක්.....
අගුලු ලා ඇති සිත නොදෙයි.
රිදෙන්නට තව තවත් නැතිමුත්....
දැනෙන තනිකම සුන්දරයි.
කියා සනසන නමුත් කාලය....
ගෙවෙයි,කැරකෙයි එච්චරයි..
01/06/2016
Wednesday, June 1, 2016
Tuesday, May 31, 2016
උපන්දිනය...
ජිවිතයේ තවත් විශේෂ සන්දිස්ථානයක් සහ අවුරුද්දකට එක වරක් පමණක් ලැබෙන මතක සටහනක් ...
.
.
***දවල් වැඩ ගොඩක හිරවෙලා ඉද්දි ජංගමය නාදවෙනවා ඇහුනේ නෙමෙයි දැනුනේ ටිකක් වෙලා ගියාම..(vibrate නිසා )ලාච්චුව දෙදරලා දැනුන..
/.
.
"හෙලෝ .."
"ඒයි ඉබ්බෝ මොකෝ කරන්නේ ?...
.
.
වැඩ ගොඩ නිසා උන්නේ ටිකක් තදවෙලාය..
.
.
"ඇයි මොකෝ...මං මේ නානවා..
"නානවා...">>?#$@!$%@#
"ඔවු ඇයි ..
"කොහෙද නාන්නේ
"office එකේ..මගේ මේසේ ළඟ shower එකක් තියේ...එකෙන් මේ නාන ගමන් ඉන්නේ ..දැනුයි සබන් ගාන්නේ..
"ෂා..ශෝයිනේ බබා..ඔයා ගෙදර නාන්නේ නැති නිසා දැන් office ඇවිත් ද නාන්නේ..හොඳ ළමය..ආහ් එක නෙමෙයි ..ඇදුම් නැතුව නානවා එහෙම නෙමෙයි..මරනවා මං .හරිද..එක එකාට පේන්න මෙතන..
.
.
ඇය විහිළුවකට ගත්තාය..
.
.
"මේ මගෙන් මොකුත් අහගන්න එපා හරිද ....ඇයි බං යෝදියේ ..වැඩ ගොඩ ගැහිල,තව call කරල මොකද කරන්නේ .අහනවා...පස්සේ ගන්නවා මං තියනවා phone එක ..
.
.
ඔලුව අවුල් වී තිබු නිසා එහෙම කියන්නට ඇත...විනාඩියකින් යථාතත්වයට නොපැමිණීම යනු ජිවිතයේ මහා විප්‍රයෝගයකට කොටුවීමක් බව දන්නා නිසා..නැවත ඇය ඇමතුවෙමි...

වරක් නොව දෙවරකට පසු වර ඇය ප්‍රතිචාර දැක්වූවාය..
.
.
"මොකද answer නොකළේ..?..
"නෑ මං මේ නානවා ඒකයි ...ඇයි මොකෝ...
"ආහ් ..ඇත්තද ??හා සබන් ගෑවැයි ..මැට්ටි ..හරි ඉතිං සමාවෙන්න ...මොකද ගත්තේ කියන්නකෝ ඔයා ..
.
.
හැමදාම අන්තිමට මොනවා කවුරු කලත් සමාව ගතයුත්තේ මා ය ...
සාදාරණ ,අසාදාරණ මොක උනත් එහෙමය..
ඒ හැටිය..
.
.
"මට උපන්දිනේට මොනාද දෙන්නේ???....???>>>??..
.
.
හපොයි....හඳුන්පොත කීං ගෑවේ එතකොටය...
.
.
උපන්දිනය බැවු දනිමි...ඉතිං පුදුම කල යුතුය...නැතිනම් මට පුදුම වන්නට වන බවද දනිමි/...
.
.
"ආහ් ..කියල දෙන්නේ නෑනේ මොකුත්ම බලන් ඉන්න,
ඔයා මෝඩයි,
එහෙම ඉල්ලලා මොකුත් ගන්නේ නෑ .හරිද ..
"හාකෝ එහෙනම්...බලන් ඉන්නම්,
හැබැයි දන්නවනේ මගේ හැටි...
මට ඕනි,මං ආස ,මට දැනෙන දෙයක් ඕනි එච්චරයි...
හා දැන් වැඩ කරන්න මහත්තයෝ ...මං ටිකක් අවුස්සන්න හොඳේ ගත්තේ..
තියන්නම් එහෙනම් බුදු සරණයි ...පරිස්සමට...
.
.
"බුදු සරණයි බබා ....
.
.
.
**දෙන්නට ඇත්තේ මෙපමණකි....
මා ඇයට අසීමිතව ප්‍රේම කරමි...අසීමිතව ලොබ බඳිමි...අසීමිතව ගෞරව කරමි ..
තවද ..
නිවුටන්ට තුන්වැනි නියමයක් සොයාගන්නට හැකි වු බැවින්..මම ඇයට අසීමිතව වෛර කරමි...
(වරදවා වටහා නොගන්න,)
ඒ වෛරය වනාහී සියුම් ස්නායු මූලයක හටගන්නා ..ක්‍රියාවකි...
...
.
.
.
.
.## උපන්දිනේ ළඟ එන හින්දා ...
මාවත් අරගෙන මගේ උන්දා ..
සාරී ගන්නලු අනේ මන්දා ..
සාප්පු ගානේ ගියා ...##
.
පුංචි හිනාවක් එක්ක
ෆ්‍රෙඩි සිල්වා මහත්තයගේ සින්දුවක් අන්තිමට මට හෙමින් මිමිනුණා ......
.
.
{ ප.ලි }
.
.
.
.
.
.
......................ඕනෑම ක්‍රියාවකට ඊට සමාන වූද ප්‍රතිවිරුද්ද වූද ප්‍රතික්‍රියාවක් ඇත..........
(සර් අයිසැක් නිවුටන්)
.
.
අදට ගිහින් එන්නම් එහෙනම්..ආදරෙන් ඉන්න....
31/05/1016

Sunday, May 29, 2016
දැනෙන හැමදේම..
ලියන්නට මත්තෙන්....
මතකයන් මැද්දෙන් ..
රිංගාවි ඇස් අස්සෙන්..
කඳුළු ඇස් ගාව..
පිරෙයි අග්ගිස්සෙන්..
මැකෙයි සිත් පිස්සෙන්..
හංගාවි විත් වැස්සෙන්...
තෙමෙන විට කඳුල..
මියයාවී සිසිලෙන්..
නැතිවේවි රස්නෙන්..
එක්වේවි සයුරට,
ගලාගොස් ගස් අස්සෙන්...
දළුලාවි මතකය..
හෙලාවි ගත් හුස්මෙන්..
ලියවේවි දෑගිල්ලෙන්..
මිටින් ගත් ආලය,
මුදවාවී හද පත්ලෙන්.....
29/05/2016
ලියන්නට මත්තෙන්....
මතකයන් මැද්දෙන් ..
රිංගාවි ඇස් අස්සෙන්..
කඳුළු ඇස් ගාව..
පිරෙයි අග්ගිස්සෙන්..
මැකෙයි සිත් පිස්සෙන්..
හංගාවි විත් වැස්සෙන්...
තෙමෙන විට කඳුල..
මියයාවී සිසිලෙන්..
නැතිවේවි රස්නෙන්..
එක්වේවි සයුරට,
ගලාගොස් ගස් අස්සෙන්...
දළුලාවි මතකය..
හෙලාවි ගත් හුස්මෙන්..
ලියවේවි දෑගිල්ලෙන්..
මිටින් ගත් ආලය,
මුදවාවී හද පත්ලෙන්.....
29/05/2016
Friday, May 27, 2016
අවුරුදු 5 ක් ආදරේ කරපු උබ
තව දින 7 කින් වෙන කෙනෙක් එක්ක ඉන්න
ජීවිත කාලෙටම පොතක අත්සන්
කරලා පොරොන්දු දෙනවා ...
තව දින 7 කින් වෙන කෙනෙක් එක්ක ඉන්න
ජීවිත කාලෙටම පොතක අත්සන්
කරලා පොරොන්දු දෙනවා ...
තරහක් නැ .. හැමදාම සතුටින්
ඉන්න .. දවසක අපි හම්බුනු
තැනකදීම නැවත අපි
හමු වේවි
එදාට උබේ අතේ
මගෙන් දාව ඉන්න තිබුණු
සම්පත අත රැදිලා ඉදිවී
ඉන්න .. දවසක අපි හම්බුනු
තැනකදීම නැවත අපි
හමු වේවි
එදාට උබේ අතේ
මගෙන් දාව ඉන්න තිබුණු
සම්පත අත රැදිලා ඉදිවී
උබව මට නොලැබුනොත්
මම උබව මරණවා කිවුව
තරමටම මම උබට ලොබ වුනා
ආදරේ කළා .. එත් උබ දන්නවා
මට කවමදාවත් උබව මරන්න
තියා උබෙන් වැටෙන කදුලක්වත්
දරා ගන්න බැ කියන්න ..
මම උබව මරණවා කිවුව
තරමටම මම උබට ලොබ වුනා
ආදරේ කළා .. එත් උබ දන්නවා
මට කවමදාවත් උබව මරන්න
තියා උබෙන් වැටෙන කදුලක්වත්
දරා ගන්න බැ කියන්න ..
එහෙව් ආදරේ කරපු මට
උබව නැතිව ජීවත් වෙන එක
හරියට මිරිගුවක් දැකපු
සතෙක් වගේ...
උබව නැතිව ජීවත් වෙන එක
හරියට මිරිගුවක් දැකපු
සතෙක් වගේ...
තව සතියකින් සදහටම උබ
මගෙන් යනවා ..
හැබැයි ඒ මේ භවයට විතරයි ..
මගෙන් යනවා ..
හැබැයි ඒ මේ භවයට විතරයි ..
මම උබව ලෝක දහස් ගානක හොයනවා
භවයන් දහස් ගානක පතනවා
උබ මගේ වෙනකන්ම ...
භවයන් දහස් ගානක පතනවා
උබ මගේ වෙනකන්ම ...
හැමදාම සතුටින් ඉන්න
සුබ මංගලම් උබට !!!!!
සුබ මංගලම් උබට !!!!!
උපුටා ගැනීමකි..
Thursday, May 26, 2016
පුංචි පුංචි රණ්ඩු සරුවල්,නොහොඳ නෝක්කාඩු සහ හිත් රිදවාගැනීම් ආදරවන්තයන් අතර
සාමාන්‍ය දේවල්...මං එහෙම කියන්නේ අත්දැකීමෙන්.ඔබත් මං කියන දේට එකඟ වේවි...
හැබැයි එහෙම කරන ආදරේ මොකක් හරි හේතුවකට මහා වෛරයකට පෙරළුනොත් මොකක් වේවිද......???!!!!
.
.
හිතන්නවත් එපා..
ඒක මේ ලෝකේ විදින්න පුළුවන්
සැහෙන කටුක අත්දැකීමක්.....
.
.
.
ඔබට මතක ඇති මගේ "මරණය "
සාපේක්ෂයි....
මරණය අවසානයේ නැවතත් මරණය...
.
.
.
.
හැමදාම වගේ අදත් office ආවේ ...
(ඉස්සර වගේ උදේට නැගිටලා හරි අසාවෙන් ලෑස්ති වෙලා පට්ට fun එකේ නම් නෙමෙයි)
මාස ගානක් හිරවුන වැඩ ටික තවත් ගොඩ ගැහෙන්න කලින් ඉවරකරලා දාන්න හිතාගෙන.
සෑහෙන තරම් පිඩනයක හිටියත් ඒ පීඩනය අඩුකරගන්න,
යාළුවො හුගක් උදවු කරනවා...
.
.
දැන් ඇය අහිමි වී අවසානය ..ඉතින් අපි තවත් ඒ ගැන නොසිතා ඉමු.....
.
.
+*මචං හෙට ගයියගේ weddin එක..ඔන්න උඹට කිවුවේ නෑ කියල නම් කියන්න එපා හොඳේ..හවස යනවා ලෑස්ති වෙලා හිටපං ....
+* ඔවු හොඳේ ඔන්න ඔයා එන්න ඕනි මෙතන නැත්නම් හෝතඹුව වගේ රිංගගෙන ඉඳි හෙටත් office එකේම...
අපේ කටකාරියක් එහෙම කෑගැහුවේ මං කොම්පියුටරේට ඔළුව ඔබාගෙන මොනවා හරි කොට කොටා ඉන්නකොට...
"හරි මං එනවා බං ...උගේ වෙඩිමට මන් නැතුව පුළුවන්ද ?...
.
.
මිත්‍රයෙක්ගේ විවාහ උත්සවයක්...
සහභාගී වීම අත්‍යවශ්‍ය කරුණක්..
ඒ නැතත් මා සැනසවිමට මිතුරන් ගන්නා උත්සහයක්....
එබැවින් යා යුතුය
.......නමුත්......
.
.
.
.
.
.
මා විවාහ උත්සව මගහරින්නේ හේතුවක් නිසාය...
අතිශය ප්‍රබල චිත්ත පිඩාවක් නිසාය...\
සරලවම අඬන්නට තවත් මට කඳුළු නැති නිසාය....
.
.
.
.
.
.
"අම්මි මතක තියාගන්න..කවදාවත් ඔයා බඳින දවස මට දැනගන්න තියන්න එපා..පිං සිද්දවෙයි කවමදාවත්....
මං කොහේ මොන තත්වෙක හිටියත් මට ඒ දේ දැනගන්න දෙන්න එපා.....
.
.
.
හිතවතුණි ...
.
.පා සුළඟිල්ලක සිට කෙහෙ රැළි කොනක් දක්වා ,මගේම වුනු හීනි ,දිගටි ඇස් .,රෝස පාට හිනාවෙනකොට වලගැහෙන පුංචි කම්මුල්, හුස්මගන්නකොට කිටි කිටියේ ගැහෙන ළමැද ,පුංචි රෝස පාට දෙතොල, පටලවගෙන ඉන්නකොට හෙමින් වෙවුලන ඇගිලි තුඩු,රතුපාටින් රත් වෙච්ච කන් පෙති...
එකී,මෙකී,නොකී දැනුනු හැඟුණු සියල්ලම මගේය...
ආත්මාර්ථයෙන් කියමි සියල්ලම මගේය...
.
.
.
ඉදින්
මගේ උනු දෙතොල් , මම හුස්මක් පවා නොගෙන ඉබපු පුංචි දෙතොල් ..
මගේ උනු ළමැද තුරුල උණුහුමට ගුලිවෙලා හිටපු ඒ මහා මෙරක් තරම් කාලය...
තුරුල් කරන් ඉබපු කන්පෙති,කෙහෙරැල් පවා
මගෙන් අහිමි වන තප්පරයක් එන බව දැන ,දැනම
එය..
.
.
ඉවසිය නොහැක්කක් නොව සිහියකින් පවා එයට මුහුණ දිය නොහැකි වනවා නොඅනුමානය...
.
.
.
එදා සිට විවාහය දකින්නට අපහසුම දසුනක් ලෙස වර්ග කොට ඉවත ලා ඇත්තේ එබැවිනි..
.
..
.
.
.ඉතිං
සමාවෙයන් මගේ මිත්‍රයා .....

Thursday, May 19, 2016
මම ඇයට වෛර නොකරමි..මන්ද යත්
සියල්ල සිදු උනේ මා නිසාය... දැන දැනම ඇයව අහිමි කරගත්තේ මා ය..
ඉතිං මේ කඳුලට සීමාවක් නැත...
අසීමාන්තිකය.....
.
.
"පැටියෝ ඔයා ආස දුවෙක්ටද පුතෙක්ටද???
++නොසිතු මොහොතක නොසිතු ප්‍රශ්නයක්,...ඉතිං උත්තර දිය යුතුය.
"ම්හ්...ඇයි එහෙම අහන්නේ....මං ආසයි ඕනි කෙනෙක්ට..
"ඉබ්බෝ මන් අහන්නේ ඉස්සෙල්ල හම්බවෙනවට කැමති දුවෙක්ද?පුතෙක්ද?
***
..
. .මා ඔබෙන් ඒ ප්රශ්නය අහනවා මෙහෙම ...
කවද හරි දවසක ඔබත් තාත්තෙක්,අම්මෙක් වේවි....
ඉතිං මුලින්ම කැමති පිරිමි දරුවෙක්ටද ?
ගැහැණු දරිවියක්ටද?
(තවම බැඳලාවත් නෑ කියල දන්නවා බොලන්. තොපි බැන්දට පස්සේ උඩ බලානඉන්නෙත් නෑ නොවැ...)
උත්තරය මොකද්ද???
.
.
"මං ආසයි අම්මි twins ලට ...එකෙක් කෙල්ලෙක් අනික කොල්ලෙක්...මරු නේදඑහෙම...අපි try කලොත් බැරිවෙන එකක් නෑ...
"අනේ අප්පච්චි විහිළු නෙමෙයි අප්පා ඇත්තටම කියන්නකෝ...හා මං ආස කාටදදන්නවද?/ මං ආස කොල්ලෙක්ට...
"ආහ් . ඇයි ඒ ??
"මේකනේ දරුවෝ..මට ඉස්සෙල්ලම ඕනි මගේ පැංචාව මගේ විදිහට හදන්න...මෝඩඅප්පච්චි වගේ නැතුව...
තව ලොකු වෙනකල්ම හුරතල් කරන්න....ම්හ් ..තව මට ඕනි එයාටඇවිදින්න පුළුවන් උනාම ලස්සන ඩෙනිම් short එකයි hood ජැකට් එකයිඅන්දවල චුටි sunglass දාල මේස් නැතුව ඩෙක්ස් දෙකකුත් දාල අප්පච්චිගෙයිඅම්මිගෙයි අත් දෙකේ එල්ලන් පාරේ ඇවිද්දවන්න ...ආහ් ..අමතකඋනා..කොන්ඩේ කපන්නත් ඕනි අර ඔයා කොන්ඩේ කපන්න ආස විදිහට ...
.
+ඇය මේ කියන්නේ මගේ කැමැත්තක් ගැනය...
මගේ ප්‍රියතම පාපන්දු තරුවගේ විලාසිතාවක් මම කලක් අනුකරණය කලෙමි...පැත්තට පීරන ලද කොණ්ඩයකොණ්ඩයේ පහතින් අඩුකිරීම සහ පීරන ලද කෙලවරේ ආරම්භය සිහින් දිගැති ඉරකින් බෙදීම ඒවිලාසිතාවයි..පාපන්දු තරුව ඔබම සිතාගන්න...
(මුගේ උලවුවක් කියවනවා කියල හිතන්ට එපා හරිය පහදා දීමක් කලා පමණි.)
..සිනහ නොවන්න ...ඒ ඇගේ හිතේ උපන් අසාවය..
නමුදු කිසි දිනෙක ඈ මම එය කලාට කැමැත්තක් නොදැක්වුවාය ..
.
.
.
.
"මොකද්ද?/ඇයි ගල් ඉබ්බි එතකොට මන් එහෙම කොන්ඩේ කැපුවම මට කන් වල ඇබ ගහගන්න කෑගැහුවේමොකටද...දැන් කියනවා පොඩි එකාගේ කොන්ඩේ එහෙම කපන්න ඕනිලු ....ඒක අසාදාරණ නැද්ද එතකොට...ආහ් ..
"එක මෙහෙමයි බබා හොඳේ අප්පච්චිට බැරි දේවල් පුතාට කරන්න පුළුවන්.......
.
.
නීති සියල්ල ඇයගේය ....නීති දමන්නේත් කඩන්නේත් ඇයමය ..
ඉදින් මා කරබාගතිමි .;...
"හරි ඉතිං එහෙම කරමුකෝ එතකොට...තව කොච්චර කල් තියනවද එකට....තවම මට අප්පච්චියෙක් වෙන්නබෑ තවම මං අම්මිගේ පුංචි බබා හොඳේ..
"අනේ මේ යනවා යන්න ..ගොඩක් කල් ඉන්න මට බෑ හරිද බඳිනවා ඉක්මනට මාව ..ආව මෙතන කල්ඉල්ලගෙන....දෙනවා මං කල් නෙමෙයි #$%@##$#
ගැහැණු දැරිවියකට විවාහය යනු අතිශය වටිනා දෙවැනි ඉපදීමක් නම් ...ඒ ඇයගේ දෙවැනි ඉපදීමයි...
ආදරය රාගය වෛරය එකම හැගීම් සමුදායක් තුල අද්විතීය විශ්වාසයක් මත ගොඩ නැගෙන දෙයක් මෙලොවඇත්නම් එයට නමක් දිය යුතුය...
.
.
.
.
.
හොඳින්ම දනිමි..
.
.
මට ලබාදිය නොහැකි වූවේත් ...
ඇයට ලබාගැනීමට අවශ්‍ය වූවේත් ...
.
.
ඒ හැගීමයි
..
.
.
.
.
.
.
වසර කිහිපයකින් දුරකථන ඇමතුමකින් මේ සියල්ල චිත්‍රයක් ලෙස මැවී ගියේඑබැවිනි...
.
.
"හෙලෝ බබා..
.
.
කටහඬකට හුස්ම පවා නැවැත්විය හැකි බව මා දැනගත්තේ එලෙසිනි...
.
.
.
."ඔයාගේ අම්මිට පුතෙක් ලැබුන..මේ දැනුයි ලේබර් රූම් එකට දැම්මේ ඉස්සෙල්ලමගත්තේ ඔයාට ඔන්න හොඳේ....
.
.
සතුටු වන්නද නැතිනම් කෑගසා හඬන්න දැයි මම නොදනිමි...;
.
.
.හිතවතුණි.....
.
.
උදව්වක් කල හැකිනම් කරුණාකර මට ඔරලෝසුවේ තප්පර කටුව නවතා දෙන්න.
.මම ඔබෙන් ඉල්ලන්නේ එපමණකි...
.
.
.
.
.
.
.
@#$%#$%#%^&^&*$$!$%#%$#^#%^^%^^#$^$@%@^&#%^%@$^#@%#
.
.
.
.
.
..........අවසානයේ මට දැනුන එකම, නමක් දිය නොහැකි ඒ හැගීම මෙලෙස ඔබහමුවේ තබමි ........
.
.
.
.
.
.
.
.
.
........ඇයගේ අලුත උපන් පුංචි බිලිදාගේ ආදරණිය පියාණන් වන්නට වාසනාවක්ලෝක පාලන දෙවිඳු මට ලබාදුන්නේ නැත.....
.
.
.
.
.
.
.
ගිහින් එන්නම් අදට....විදින්න ආදරය සහ විඳින්න ජීවිතය....
ආදරෙයි හැමදාම ....
සඳ..
19/05/2016
Subscribe to:
Posts (Atom)