සඳ සේ දවසක ඔබ බැස යාවී ..
කළුවර අහසට දුක තියලා ..
හමුවුනු තැන් වල මල් සුපිපේවී ...
හමුවුන වෙන අය ගැන සිතලා....
චාමරගේ සින්දුවක් හරි අපූරුවට වාදනය වෙනකොට මම හිටියේ bus එකේ.
වැස්සට හොදටම තෙමිලා සීතලේ ගැහි ගැහි වාඩිවෙන්න සීට් එකක් හොයනගමන්,
සෙනග පිරෙන්න නොහිටියත් ඒ වෙලාවේ සීට් ඔක්කොම පිරිලා.
මම එහෙමම ඉස්සරහට ගිහින් හිටගත්තා..
මගේ ඉස්සරහ වාඩිවෙලා උන්නේ පාසල් වයසේ පෙම්වතුන් යුවලක්..
..
ඔවුන් හරි අපුරුයි ..මට එහෙම දැනුන..
අහම්බෙන් වගේ ඒ අයගේ කතාවට මන් කන් දීගෙන ගියේ ඇත්තටම වෙන වැඩක් නැතිකමට..
(දැන් කියපල්ලා මුටත් ඕනි නැති කෙහෙල්මලක් නෑ ජෝඩුවක් කතා කරන දේකට කන දාගෙන යනවා ඇරෙන්න කියල,ඉතින් මං අහක බලන් යන්නැයි මට ඇහෙන දේ අහගෙන උන්න විතරයි..)
පෙම්වතිය ඇයගේ අත් දෙකම තියාගෙන හිටියේ ...
(හා හා උන් අහවල් වැඩක් කලේ නෑ බොලන් )
පෙම්වතාගේ කම්මුල් දෙකේ...
ඇය එකම කාලගෝට්ටියක ...සැහෙන තරම් ගෝරනාඩුවක් ඔහුත් සමග..
**
'' ඔයා ඇයි කියන දෙයක් අහන්නේ නැත්තේ..
''මොකද ඉතිං ?!@!
''ඇයි ඔයාට බැරි මං ගැන හිතන්න..මං ඔයාට බනින්නේ නරකට නෙමෙයිනේ..
''ඉතිං මොනාද මං ඇහුවේ නැත්තේ..??!
"හොඳ නෑ ඔයා ආදරේ නෑ මට....ඔයා මට ආදරේ නම් මෙහෙම කරන්නේ නෑනේ
"කියනවකො ඉතිං මොකද්ද මං කරපු වැරැද්ද??
මං හිතුව කොල්ලට තද වෙලා ටිකක්..
"නෑ නෑ ඔයා අහන්නේ නෑනේ කිසිම දෙයක් දන්නවද හා මං කොච්චර ආදරෙයි ද කියලා..
"දන්නවනේ ඉතිං මං ඔයා මට ආදරෙයි කියල ඉතින් මොකද්ද පැටියෝ මං කරපු වැරැද්ද?
ඔහු ඇයගෙන් එහෙම ඇහුව...
"බබා මං මේ ලෝකේ වැඩිපුරම ආදරේ ඔයාට චුට්ටක්වත් ඔයා හිතන්නේ නෑ එක,මං කොච්ච්ච්ර ඔයාව පරිස්සම් කරනවද ?..එපා කියන්නේ එපා නිසානේ ඔයා ඒ උනාට කරන්නේ මං එපා කියන දේවල් මයි.
හා නැද්ද කියන්න...මං බනින්නේ තරහට නෙමෙයිනේ බබා ඔයා.. ඔයා .. තප්පරයක්වත් මාව තේරුම්ගන්නේ නෑ !!
ඇත්තටම මේ කොල්ල ඇහුවේ නැත්තේ මොකක් වෙන්න ඇතිද?
පුංචි කුතුහලයක් අවා මට ඒක දැනගන්න ...
"ඔයා පුංචි බබෙක් නෙමෙයිනේ දැන් ..චුට්ටක් කල්පනා කරන්නකෝ..බලන්නකෝ,./.අහ් .. දන්නවද ඔයාට මං කියල නෑනේ
''මොකද්ද??!!
**මහත්තයෝ මේ සීට් එකක් තියනවා ඇවිත් වාඩිවෙන්න..
ඒ දෙන්නගේ ලෝකෙට ගොඩවෙලා හිටපු මං ලගට ඇවිත් එක පාරම කොන්දොස්තර අයිය මොරදුන්න...
වටපිට බලනකොට මං විතරයි හිටගෙන ..සීට් දෙක තුනක්ම හිස්..අපොයි ලැජ්ජ හිතුනා ටිකක් වගේ මට..එත් දෙන්නගේ කතාවට කන දාන්නේ නැතුව යන්නත් බෑ වගේ ...
.
.
.
.
.
අන්තිමට මම ගිහිං සීට් එකකින් වාඩි වුණා...
එතකොටම ..චාමරගේ සින්දුවේ අන්තිම ටික ..
.
.
.
මහරගමදී ඒ දෙන්නා බැහැල අත් අල්ලගෙන යනකොට...
ඒ දිහා බලන් හිටපු මට ඉබේටම වගේ ..
ඒ සිංදුව මිමිනුණා......
.
.
/..
සලාන මුවරද ගලාන යන සඳ ..
මද සුළගේ දැවටී ...
බලා හිඳිනු මිස කුමක් කරන්නද ..
ඔබ අන් සතු මලකී ....
.....
(ඒ කෙල්ලට ලයින් දැම්මේ එහෙම නෑ හොඳේ....)))
..
No comments:
Post a Comment