මම ඇයට වෛර නොකරමි..මන්ද යත්
සියල්ල සිදු උනේ මා නිසාය... දැන දැනම ඇයව අහිමි කරගත්තේ මා ය..
ඉතිං මේ කඳුලට සීමාවක් නැත...
අසීමාන්තිකය.....
.
.
"පැටියෝ ඔයා ආස දුවෙක්ටද පුතෙක්ටද???
++නොසිතු මොහොතක නොසිතු ප්රශ්නයක්,...ඉතිං උත්තර දිය යුතුය.
"ම්හ්...ඇයි එහෙම අහන්නේ....මං ආසයි ඕනි කෙනෙක්ට..
"ඉබ්බෝ මන් අහන්නේ ඉස්සෙල්ල හම්බවෙනවට කැමති දුවෙක්ද?පුතෙක්ද?
***
..
. .මා ඔබෙන් ඒ ප්රශ්නය අහනවා මෙහෙම ...
කවද හරි දවසක ඔබත් තාත්තෙක්,අම්මෙක් වේවි....
ඉතිං මුලින්ම කැමති පිරිමි දරුවෙක්ටද ?
ගැහැණු දරිවියක්ටද?
(තවම බැඳලාවත් නෑ කියල දන්නවා බොලන්. තොපි බැන්දට පස්සේ උඩ බලානඉන්නෙත් නෑ නොවැ...)
උත්තරය මොකද්ද???
.
.
"මං ආසයි අම්මි twins ලට ...එකෙක් කෙල්ලෙක් අනික කොල්ලෙක්...මරු නේදඑහෙම...අපි try කලොත් බැරිවෙන එකක් නෑ...
"අනේ අප්පච්චි විහිළු නෙමෙයි අප්පා ඇත්තටම කියන්නකෝ...හා මං ආස කාටදදන්නවද?/ මං ආස කොල්ලෙක්ට...
"ආහ් . ඇයි ඒ ??
"මේකනේ දරුවෝ..මට ඉස්සෙල්ලම ඕනි මගේ පැංචාව මගේ විදිහට හදන්න...මෝඩඅප්පච්චි වගේ නැතුව...
තව ලොකු වෙනකල්ම හුරතල් කරන්න....ම්හ් ..තව මට ඕනි එයාටඇවිදින්න පුළුවන් උනාම ලස්සන ඩෙනිම් short එකයි hood ජැකට් එකයිඅන්දවල චුටි sunglass දාල මේස් නැතුව ඩෙක්ස් දෙකකුත් දාල අප්පච්චිගෙයිඅම්මිගෙයි අත් දෙකේ එල්ලන් පාරේ ඇවිද්දවන්න ...ආහ් ..අමතකඋනා..කොන්ඩේ කපන්නත් ඕනි අර ඔයා කොන්ඩේ කපන්න ආස විදිහට ...
.
+ඇය මේ කියන්නේ මගේ කැමැත්තක් ගැනය...
මගේ ප්රියතම පාපන්දු තරුවගේ විලාසිතාවක් මම කලක් අනුකරණය කලෙමි...පැත්තට පීරන ලද කොණ්ඩයකොණ්ඩයේ පහතින් අඩුකිරීම සහ පීරන ලද කෙලවරේ ආරම්භය සිහින් දිගැති ඉරකින් බෙදීම ඒවිලාසිතාවයි..පාපන්දු තරුව ඔබම සිතාගන්න...
(මුගේ උලවුවක් කියවනවා කියල හිතන්ට එපා හරිය පහදා දීමක් කලා පමණි.)
..සිනහ නොවන්න ...ඒ ඇගේ හිතේ උපන් අසාවය..
නමුදු කිසි දිනෙක ඈ මම එය කලාට කැමැත්තක් නොදැක්වුවාය ..
.
.
.
.
"මොකද්ද?/ඇයි ගල් ඉබ්බි එතකොට මන් එහෙම කොන්ඩේ කැපුවම මට කන් වල ඇබ ගහගන්න කෑගැහුවේමොකටද...දැන් කියනවා පොඩි එකාගේ කොන්ඩේ එහෙම කපන්න ඕනිලු ....ඒක අසාදාරණ නැද්ද එතකොට...ආහ් ..
"එක මෙහෙමයි බබා හොඳේ අප්පච්චිට බැරි දේවල් පුතාට කරන්න පුළුවන්.......
.
.
නීති සියල්ල ඇයගේය ....නීති දමන්නේත් කඩන්නේත් ඇයමය ..
ඉදින් මා කරබාගතිමි .;...
"හරි ඉතිං එහෙම කරමුකෝ එතකොට...තව කොච්චර කල් තියනවද එකට....තවම මට අප්පච්චියෙක් වෙන්නබෑ තවම මං අම්මිගේ පුංචි බබා හොඳේ..
"අනේ මේ යනවා යන්න ..ගොඩක් කල් ඉන්න මට බෑ හරිද බඳිනවා ඉක්මනට මාව ..ආව මෙතන කල්ඉල්ලගෙන....දෙනවා මං කල් නෙමෙයි #$%@##$#
ගැහැණු දැරිවියකට විවාහය යනු අතිශය වටිනා දෙවැනි ඉපදීමක් නම් ...ඒ ඇයගේ දෙවැනි ඉපදීමයි...
ආදරය රාගය වෛරය එකම හැගීම් සමුදායක් තුල අද්විතීය විශ්වාසයක් මත ගොඩ නැගෙන දෙයක් මෙලොවඇත්නම් එයට නමක් දිය යුතුය...
.
.
.
.
.
හොඳින්ම දනිමි..
.
.
මට ලබාදිය නොහැකි වූවේත් ...
ඇයට ලබාගැනීමට අවශ්‍ය වූවේත් ...
.
.
ඒ හැගීමයි
..
.
.
.
.
.
.
වසර කිහිපයකින් දුරකථන ඇමතුමකින් මේ සියල්ල චිත්රයක් ලෙස මැවී ගියේඑබැවිනි...
.
.
"හෙලෝ බබා..
.
.
කටහඬකට හුස්ම පවා නැවැත්විය හැකි බව මා දැනගත්තේ එලෙසිනි...
.
.
.
."ඔයාගේ අම්මිට පුතෙක් ලැබුන..මේ දැනුයි ලේබර් රූම් එකට දැම්මේ ඉස්සෙල්ලමගත්තේ ඔයාට ඔන්න හොඳේ....
.
.
සතුටු වන්නද නැතිනම් කෑගසා හඬන්න දැයි මම නොදනිමි...;
.
.
.හිතවතුණි.....
.
.
උදව්වක් කල හැකිනම් කරුණාකර මට ඔරලෝසුවේ තප්පර කටුව නවතා දෙන්න.
.මම ඔබෙන් ඉල්ලන්නේ එපමණකි...
.
.
.
.
.
.
.
@#$%#$%#%^&^&*$$!$%#%$#^#%^^%^^#$^$@%@^&#%^%@$^#@%#
.
.
.
.
.
..........අවසානයේ මට දැනුන එකම, නමක් දිය නොහැකි ඒ හැගීම මෙලෙස ඔබහමුවේ තබමි ........
.
.
.
.
.
.
.
.
.
........ඇයගේ අලුත උපන් පුංචි බිලිදාගේ ආදරණිය පියාණන් වන්නට වාසනාවක්ලෝක පාලන දෙවිඳු මට ලබාදුන්නේ නැත.....
.
.
.
.
.
.
.
ගිහින් එන්නම් අදට....විදින්න ආදරය සහ විඳින්න ජීවිතය....
ආදරෙයි හැමදාම ....
සඳ..
19/05/2016
මුලින්ම මගේ හුස්ම හිරකරාට උබට පින් මමද කල්පනා කලෙමි එවන් ඇමතුමක් මටද ලැබුනොත් (දවියනි ඒ ඇමතුම මට ලැබෙන්න කලින් මට ඔලුවටම අකුණක් එවපන් )අතීතයේ අයත් සමග මැව්ව සිහින මුල එදන මතක් වෙනකොට කොහොම ඉවසන්නද සහෝර්දය මට උබෙන් එක ඉල්ලීමක් කරන්නට ඇත පුලුවන්න කියදිපන් මට ඇය වෙන එකෙකුගේ අත ගන්න දවසට මගේ හිත හදාගන්නේ කොහොමදැයි මට කියදිපන් මම රස බැලුව අගේ දෙතොල් වෙන එකෙක් ඉබිනකොට ඉන්නේ කොහොමද මම තුරුල් උන ඒ පපුවේ වෙන එකෙක් තුරුල් වෙනකොට ඉන්නේ කොහොමද ලියපන් උබට දැනුනු දේ මම නම් අයගෙන් ඉල්ලන එකමදේ සුදු අම්මි කවදාවත් ඔය බදින දවස මට දැනගන්න තියන්න එපා මොකද මට හොද සිහින්නම් ඉන්න බැරිවයි එදාට මම නුබට උන පොරොන්දුව අමු අමුවේ කඩා දමමි මම එක දෙයක් දනිමි ඒ නුබට උපදින දරුවට අපි කතා කල නම කෙදිනක හෝ දමන බවය නුබ නපුරුය එත් මට නුබේ දරුවාගේ පියා වීමට තරම් පිනක් නොතිබුනොත් අඩුම තරමේ අපේ හින ලෝකේ පුංචි පැටියාගේ ඒ නමවත් නුබ ලග ඇතැයි සිතා සැනසිය හැකිය (මේ ගීතය නුබ වනුවන්යි ) ඔබයි මමයි මැවූ සිහින ලොවම බිදී යයි දෙඅත රැගෙන සොදුරු ලොවක ඔබ තනිවන්නයි
ReplyDelete