Wednesday, May 18, 2016

....අද පුංචිම පුංචි කතාවක්...
++ **
අන්තිමේ වැස්ස නතර උනා..
ඉතිං ඔන්න කොල්ල උදේම ලෑස්ති වෙලා වැඩට යන්න හදන්නේ ...
එතකොට මතක් උනා ....
යකෝ මේ වැස්ස දවස් කීයක් මාව අසරණ කළාද ...
දවස් කියක් නම් තෙමුවද?/
''බබා ඔයා කුඩේ ගෙනාවද??
@ඇය එහෙම අහනකොටත් මම හිටියේ පාරට ඇවිල්ලා..
"අහ්..ගෙනාව වගේ මතකයි..හැබැයි නෑනේ ..
"ඔයාට මං කියල තියනවා නේද. කොහෙද දැන් ඉන්නේ පාරට ආවද ?/
"**
"ඔවුනේ මන් දැන් ආවේ පාරට..
"හා එහෙනම් යන්න දැන් ආපහු ගෙදරට වැඩි දුර ඇවිල්ල නෑනෙ.ගිහින් ගේන්න කුඩේ..එක නැතුව අද office යන්නේ නෑ ඔයා...
**මිතුරනි,
අවනත විය යුතුය..
එසේත් නැතිනම් මුළු දවසමත් තවත් අනන්ත කාලයක්
උභතෝකෝටිකයක් සමග දිවි ගෙවිය යුතුය.
(උභතෝකෝටිකය වටහාගනු අපහසු නම් පරණ පොස්ට් බලනු _යහපති)
..............
නමුදු දැන් ඇය බොහෝ දුරය..
අනන්තයටත් එහාය...
ඉතින් මට නොතෙමෙන්නට කුඩය පිහිටට එන්නේ නැත..
එක්කෝ මට තෙමෙන්නට උවමනාය...
ඔය මොකක් හෝ වේවා ...
..
.
.
....තවම මම වැස්සට ආදරය කරමි ....
සඳ..18/05/2016

No comments:

Post a Comment