අද ටිකක් අමුතු දෙයක් කතා කරන්න හිතුන...සමහර විට ඔබ අකමැති වේචි ...හැබැයි හැමදාම,හැමතැනම ජිවිතේ ගැන විතරක් ලියද්දි ඒ දේ ගැන නොලියන එක අසාධාරණයක් කියල හිතුන...
*****මරණය *******
.
.
අපි හැමෝම කැමති ජිවත් වෙන්න.අපිට ලැබිල තියන මේ පුංචි කාලය උපරිමයෙන් විඳින්න..හැබැයි දන්නවද දෙයක් අපි මේ ජිවිතේ එක පාරක් හරි මැරිලා තියනවා..මං කියන්නේ ජිව විද්‍යාත්මකව නෙමෙයි...හැබැයි අපේ හිත මැරිලා තියනවා...
පුදුම හිතෙන දෙයක් කියන්නම්
මම එක පාරක් මැරුණා කිවුවොත් ඔබ විශ්වාස කරනවද...ඔබ මට හිනාවෙයි...හැබැයි,ඇත්තටම කියන්නම් මගේ හදවත නතරවෙලා තියනවා....
..
.
.
මෙහෙම පටන්ගන්නම් ..
වෛද්‍ය වෘත්තිකයෝ මරණය කියල හඳුන්වන්නේ මොලයේ සිද්දවෙන සංකීර්ණ ක්‍රියාවලිය නැවතීම..එකට කියන්නේ මොලයේ මරණය...
එක සිද්දවෙන්නේ මෙහෙමයි...
යම්කිසි වෙලාවක අපේ හදවත මොනවා හරි බාහිර ක්‍රියාවක් නිසා අකර්මන්‍ය වෙනවා...එතකොට අපේ හදවතින් රුධිර පොම්ප කරන එක නතර වෙනවා...මුලිකවම සිද්දවෙන දේ ඕක.....
.
.
.
+* දවසක් ඔය කියන දේ මට වෙනවා එක වෙන්නේ මෙහෙමයි..
'' හෙලෝ ඔයා වැඩකද ඉන්නේ..!!
"නෑ,පැටියෝ ලොකු වැඩක් නෑ කියන්නකෝ..!!
"කලබල වෙන්නේ නෑ කියන්න..!!
"අනේ අනේ බබා ඔයා ඕක කියනවද නැත්නම් මං වැඩ කරන්නද??..ගල් ඉබ්බි අවා මෙතන මාව අවුස්සන්න..!!
"අනේ විහිළු නෙමෙයි මට ටිකක් කතා කරන්න ඕනි.."
"ඇයි අද මට කවදාවත් නැතුව 'ඔයා' 'ඔයා' කියන්නේ..හා කමක් නෑ ඉතින් කියන්නකෝ අප්පේ මගේ පුංචි හා පැංචිට මොනවද කියන්න තියෙන්නේ...?>!
"මේක කිවුවට පස්සේ මං ෆෝන් එක තියනවා මට කතා කරන්න අමාරුයි..!!
"අම්මි...!!මාව අවුස්සන්නේ නැතුව ඕක කියනවද මගුල.....!!
.
.
.
හදවතේ කපාල 4 ම වැහෙනවා...එක පාරම ..
රුධිර සංසරණ පද්දතියම මොහොතකට නතර වෙනවා...
හුස්ම ගන්න ඕනි.,හැබැයි ගන්න බෑ...
පෙනහළු ගර්ත වල පිරිලා තිබුන හැම හුස්ම පොදක්ම අහකට ගියාට පස්සේ ... හෙමිට ඇකිලෙන ගර්ත තව හුස්ම ඉල්ලනවා...
හිතවතුනි...
මට ඇහෙනවා හීනියට අමාරුවෙන් පෙනහළු කෙඳිරි ගාන සද්දේ....
නාස් පුඩු ඉහලට අදින්න හුස්ම හොයනවා...... එත් මං වටේ කැරකෙන මිශ්‍ර වාතය මට හිනාවෙන ගමන් අතට ඇදිල යනවා....
.
.
ඊට පස්සේ මට දැනෙනවා මගේ මොලේ රුධිරය ඉල්ලන හැටි....
ඉල්ලලා,ඉල්ලලා..වැඳ වැටුනත් හදවතින් කවදාවත් මං කියන දේ අහන්නේ නෑ ...
..මුලින්ම මට නැතිවෙන්න් චාලක ස්නායු.....
ඊට පස්සේ සංවේදක ස්නායු...මට දැනෙනවා අන්තිම වතාවට...මං දැකපු, අහපු,දැනුනු...ස්පර්ශ කරපු හැමදේම..මං දැකපු ඒ රූපේ..අහපු ඒ කටහඬ,ඒ අත්වල සිනිඳු දැනීම්..තුරුල් කරන් ඉඹපු ඒ තොල් වල රස....හැමදේම......
.
.
.
මගේ ඇස් පියවිගෙන යනකොට....අන්තිමට නැතිවෙන්න පටන්ගන්නවා මතකය සම්බන්ද කොටස්...එක තමයි අවසානය..අනේ මට එකවත් ඉතුරු කරන්න කියල ඉල්ලනවා...එත් කාටවත්ම ඇහෙන්නේ නෑ ...ඒ ගෙවපු හැම තප්පරයක්ම චිත්‍රයක් මකනෙකින් මකනවා වගේ මැකිලා යනවා...අනේ ඒ ඇස් ,,මං ආසම සිනිඳු කොන්ඩේ,,,රෝස පාට කම්මුල්..
.
.අන්තිම අවසානයේ ඒ සොඳුරු මුණ....
.
.
හදවත නතර වෙලා විනාඩි 5කට පස්සේ මං මැරෙනවා..
වෛද්‍ය වරු තීරණේ කරනවා..
...මෙය මොලයේ මරණය නිසා සිදු වූ මරණයක්.....
.
.
.
.
"මං ඔයාව දාල යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ ..!!මං,,මං ගැන විතරයි හිතුවේ,එකට මට සමාවෙන්න.....අම්මල කියපු කෙනාට මං කැමති වෙනවා....පරිස්සමින් ඉන්න..බුදු සරණයි..!!
.
.
.
ඔන්න ඔහොමයි මගේ කතාව අවසන් උනේ...
.
.
.
***අදට යනවා එහෙනම්...ජිවිතේ අලුත් විදිහකට දකින්න අයෙත් හම්බවෙමු .....
No comments:
Post a Comment