මගේ කාමරේ ජනේලෙන් අහස පේනවා ලස්සනට..
වෙලාව 7ට විතර හින්ද හොදට එලිය වැටිලා තිබුන...
(දැන් ඉතින් කියපල්ලා මු 7 වෙනකම් පස්ස උඩ දාගෙන බුදියගෙන මගුලක් කියවනවා කියල..)
ඉස්සෙල්ල අහන් ඉන්නකෝ..
මුළු අහසම නිල් පාටයි..මං ලෝකේ වැඩියම ආස පාට දෙකයි තියෙන්නේ..
එකක් ඒ අහසේ ළා නිල..
අනිත් එක
කෙසෙල් දල්ළේ ලා කොළ පාට ...
එකත් වැඩක් නෑනේ ඔයාලට නේද?දැන් නම් හිතයි මේකා මගුල් කියවනවා කියල...එපා වෙනවා නේ..
සමාවෙන්න ...
ඉතින් මුලින් අහස නිල් පාටට තිබුනට මට පේනවා ජනේලේ කොනකට වෙන්න සුදු පාට පුළුන් ගොඩක් වගේ වලාකුළු රොත්තක්..හෙමින් හෙමින් මගේ ඇස් මායිමේ තිබ්බ ඒ නිල් පාට අහස .වහගන්නවා..මං හෙමිට එක ඇහැක් වහල බැලුව....අප්පට සිරි පොඩ්ඩ පොඩ්ඩ මෙන්න බොලේ වලාකුළු ගොඩාක් ඉස්සරහට එනවා..අනිත් ඇහැත් වහගත්ත....
ඇස් දෙකම පියවුනාට පස්සේ මට පෙනුනේ මොකද්ද දන්නවද.....
..........
''කමක් නෑ, ඔයා දිගටම ලියන්න හැබැයි හොදට මතක තියාගන්න පැටියෝ....ඔයා ඔය ලියන හැමදේකින්ම මට රිදෙනවා..!!!
අනිත් එක මතක තියාගන්න ඔයා මොනවා කොයි විදිහට ලිවුවත් මං හැමදාම හිතන්නේ,දැනෙන්නේ ඒවායේ ඉන්නේ මමයි ඔයයි විතරයි කියල ඒ හින්ද මේ පුංචි කෙල්ලට දිගටම රිද්දන්නේ නැතුව ලියන දෙයක් ලියන්න එච්චරයි.."
හිතවතුණි !! මා ඇයට රිදවනවා නොවේ...ඇරත් මා ඇයට රිදවා මොනවා ලබාගන්නද ??
සුළගට ලතාවට වැනෙන කෙහෙරැල්ලෙන් පටන් ගෙන සුළගිල්ලේ රෝස පාට නියපොත්තෙන් අවසන් වෙන ඇගේ සියුම් යැයි කියන්නා වූ සෑම සියලු අංගයකටම,සිතිවිල්ලකටම, මම පෙම් {කලෙමි} ....
***මග හැරේ යයි සිතා ඔබට මතක් කල යුතුය. මා එම වාක්‍ය අවසන් කලේ ව්‍යාකරණ රීතියේ කුමන කාලයෙන් දැයි නැවත බැලීම මැනවි ****
ඇස් පියවුනාම මට ආපහු පෙනුනේ මං ගොඩාක් ආස කරපු වලාකුළු නැති නිල් පාට අහස විතරයි...
....ගිහින් එන්නම් ආදරෙයි මම හැමදාම ඒ අහසට ....
No comments:
Post a Comment