අද ඉරිදා....හැමෝගෙම නිවාඩු දවස...ඒ උනාට මං හැමදාම වගේ අදත් වැඩ....
මොනවා හරි ලියන්න කියල ආවට තවම මොකුත් හිතට ආවේ නෑ....
එහෙමයි කියල මොකුත් නොලිය ඉන්නත් බෑ.
අපි සමහර වෙලාවට අපේ ජිවිත ගැන තීරණය කරන්න බාරදෙන්නේ අපේ හිතට..
සමහර වෙලාවට අපේ ඔලුවට..
මට දැනුන දෙයක් කියන්නම්,
කවදාවත් ඒක ඔලුවටවත්,හිතටවත් බාරදෙන්න එපා..
හේතුව...
අපි හිතට එකඟව ගන්න සමහර තීරණ අපේ ඔලුව ප්‍රතික්ෂේප කරනවා.ඒ කියන්නේ සරලව කිවුවොත් මෙහෙමයි..
++++
ෆෝන් එකට message එකක් අවා..
*ඔයා ආයේ ලියන්න එපා මං කැමති නෑ...*-
# ඇයි ඒ මොකටද මට ලියන්න එපා කියන්නේ...#..-
*ඔයා ලියන ඒවට මං ආසයි ඒ උනාට ආයේ ලියන්න එපා. මට හිතෙනවා ඒවයේ ඉන්නේ මං කියල.මට දුකයි එතකොට ..*-
# අනේ දරුවෝ..මං කිවුවනේ ඔයාට ඒ චරිත වලට කවුරුත් ආදේශ කරගන්න එපා.ඇත්තටම එහෙම කවුරුත් නෑ.ඒ ඔයාවත් මමවත් නෙමෙයි තේරුනාද??..#-
* ඒ උනාට එපා ඔන්න හොඳේ..ඒවායේ ඉන්නේ මම තමයි ඔයා බොරු කියන්නේ...ඔන්න ආයේ කිවුවේ නෑ කියන්න එපා, ලියන්න එපා එච්චරයි..*-
*bye tc .*-
එපමනය..
ඇයට තේරුම් කිරීමට යාම,
අහසින් තරුකැටයක තිබෙන වතුර සමග මහා මුහුදෙන් ගත් පස් පිඩක් එකට අනා ගුලි කොට ගහක තියන බෙනයක් වැසීමට සමත් නම් එය කල හැකි නම් ඊටත් වඩා අපහසුය..
ඉදින් මා කරබාගතිමි.....
හිතට ඉඩදෙන්නද?..නැතිනම් ඔලුව කියන දේ අහන්නද?..
ආදරය අපිව සමහර වෙලාවට පට්ට විදිහට අසරණ කරනවා..
හේතුවක් කියන්න මං දන්නේ නෑ හැබැයි එකක් ඒ අසරණ කම හැමෝටම දැනෙනවා...
# මං දිගටම ලියනවා පුළුවන් නම් බලන්න නැත්නම් නොබලා ඉන්න...එච්චරයි...#.-
හදවතේ පුංචිම කොනක ඉපදුණු කඳුල....
කේශනාලිකා දිගේ නෙත් අගිස්සට ඇවිත්..
ගුරුත්වය නොහඳුනන ලෙස...
බිමට නොවැටී රැඳී තිබේවි නෙත් කොනේ...
අනේ කඳුල....
බිමට වැටෙන්න .......
කැමති නෑ මම ,
ආයෙම කේශනාලික දිගේ ....
....හදවතට යනවට......
ආයේ එනකම් බලන් ඉන්න හැමදාම ආදරෙයි....*#*# ඒ ආදරේට ......
No comments:
Post a Comment