Friday, July 31, 2015

"මැට්ටෝ ....... මං නාල අවා...!!
ෆෝන් එක vibrate උන පාරට මාත් උඩ ගිහිල්ලා ඇහැරුනා .ඇයි යකෝ විනාඩි 10 කට කලින් නාන්න යනවා කියපු කෙල්ල කොහොමද මෙච්චර ඉක්මනට න එන්නේ....
" ඔයා නෑවද නැත්නම් වෙන උලවුවක් කරලා ආවද ඇයි අප්පා කපුටෝත් ඔයිට වඩා වෙලා නානවනෙ.!!
"ඒයි මං නෑවා හරිද මෝඩ ඉබ්බා...ඔයා වගේ shower එකට ඔලුව අල්ලලා දුවන්නේ නෑ මං හරිද !!..
මදැයි ඉතින් නාල එනකම් නිදාගන්න කියල හිතුව......
"හරි හරි ඉතින් කියනවා දැන් මොනවද කරන්න හදන්නේ!!
"ඒයි කියනවා කියනවා කියල කියන්න එපා හොඳේ ..මන් කැමති නෑනේ ඔය සැර වෙනවට ..සුවදයිද කියන්නකෝ අප්පා මන් ලඟ.!
"සුවදයි සුවදයි ඉදිලා වැටිච්ච ලාවුලු සුවදයි ගල් ඉබ්බි !!
"ආහ ඇත්තද හිටපන්කෝ එනවකො ආයේ මන් ලගට ඉඹින්න ඕනි කියාගෙන ලාවුළු සුවද නම් පිච්ච ගහක් හොයාගෙන ඉඹගෙන ඉන්නවා මන් තියනවා ෆෝන් එක bye ..!!
ටීක් ..ටීක් .ටීක්
අම්ම ගහයි මෙන්න මෙයා තිබ්බා ...
ආයෙම ගත්ත කෝල් එකක්..
"sory මගේ පණ ඉතින් ඇයි අප්පා අවුස්සන්න වත් බැනේ ඔයාව දැන්..හරි හරි මගේ පන ළඟ ලාවුලු සුවඳ නෙමෙයි නරක වෙච්ච දිවුල් කිරි සුවඳ තිබුනත් ඉඹිනවා අප්පා ඔයාව..ඔයා නැතුව මන් අල්ලපු ගෙදර අක්කව ඉම්බින්නද???!!!
"අහ් ඇයි හිතාගෙන ඇති එක එකා බදාගන්න මරනවා හරිද මෝඩ ගෙම්බා...
අම්මෝ යන්තම් shape කරගත්තා කරගත්ත නෙමෙයි එහෙම හිතුවා ...
"අප්පච්චි මාව shape කරගන්න හිතුව නේද ඒවා හඳේ හරිද මාව බදාගන්නකො අනේ...!!!
"මොකක් දැන් නාල අවා කියල නේද කිවුවේ...දැන් හරියට ඇදුමක් වත් ඇඳගෙනද ඉන්නේ එතකොට...!!
''නෑ ටවල් එක විතරයි ඇයි බයයිද !!!
පුංචි කතාවක් කියන්නම් මේකට අදාල නම් නෑ
එකමත් එක රටක පුංචි ලස්සන ගමක හිටිය චූටි ලස්සන ටිකක් විතර පණ්ඩිත ගෑනු ළමෙක්.එයා දවසක් හවසක ඉර බැහැගෙන යන වෙලාවක නාන්න කියල ලිඳ ලගට යනකොට කැතම කැත තඩි බඩක් තියන ලොකු ගෙඹි රාලහාමි කෙනෙක් 'බක..බකබක ..බක බක...බකබක !!!
පට්ට සද්දෙට මොරදෙනවා කියපන්කො....
අර පුංචි කෙල්ල අහල තිබුන කතාවක් කවදාක හරි දවසක එයා හොයාගෙන ලස්සනම ලස්සන කුමාරයෙක් එනවා කියල....ඒ කුමාරයා මොන වේශයක් මවාගෙන ඉන්න පුලුවන්ද නේද????
සමහරවිට අර තඩි ගෙම්බා...
ඉස්සර මායාකරියෝ ලස්සන කුමාරයෝ එක එක සාප කරලා සත්තු බවට හරවනවා කියල අපි අහල තියනවා නේ.මේ කුමරිත් අහල තිබ්බ හොඳද..
ඉතිං මේ කුමාරිත් පැනපු ගමන් අර තඩි ගෙම්බව අල්ලාගෙන ඉඹගෙන ඉඹගෙන ගිය කියහන්කෝ......
ඔන්න ආයෙම මගේ කතාව..
'' එයි හා පැංචි මොකද ගෙදර කවුරුත් නැද්ද??ඇඟ හිරිවැටෙන කතා කියන්නේ..!!
"නෑ මැට්ටෝ ඉන්නවනම් ඕව කියනවද මං අද පොයනේ අම්ම සිල් ගන්න ගිහිං..එකනේ මං මගේ මොඩය එක්ක මේවා කියවන්නේ.....නැත්නම් කියයිද මන් ඕව..හී..හී..
'' එතකොට පෝය දවසේ මං සිල් බින්දගන්න ඕනිද !!ඒව කියල අවුස්සන්න බෑ අද මං සිල් හරිද ....ඔයා ටවල් එක ඇඳගෙන නෙමෙයි නැතුව හිටියත් මන් නම් පෝය දවසේ සිල් කඩාගන්නේ නැතෝ..එවුවා පස්සේ දවසක කරගමු දැන් මගේ හොඳ කෙල්ල වගේ ඉක්මනට ඇඳුමක් ගෙන එන්නකෝ...!!' අම්ම එනකම් මං මගේ කෙල්ල ළඟටම වෙලා ඉන්නම්කො හොඳේ..!!
"හා ....ෂෝයි අප්පා ඔයා..ආදරෙයි මං ගොඩාරියක් ඉක්මනට එන්නම් හොඳේ...ඉන්නවා එතකම් දොයියගන්නේ නැතුව...!!!උම්ම්ම්ම්ම්මා.
මං එකක් හොඳටම දන්නවා එයා නාන්න ගියාට වැඩි වෙලාවක් යයි ඇදුමක් තෝරලා ඒක ඇඳගෙන එන්න....
ඉතින් තව ටිකකින් එය එවි..ආයෙත් මන් ඇවිල්ල යන්න එන්නම්. හොඳේ .......
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
අහ්....අර කුමාරිට මොකද්ද උනේ දන්නවද.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කළුම කළු කැතම කැත තඩි ගෙඹි රාළ ඉම්බට පස්සේ එකා කුමාරයෙක් උනේ නෑ මගුල..
අර කුමාරිට දවස් ගානක් යනකම් කටේ ගඳ යන්න එක එක ජාති උලන්න උනා....................

No comments:

Post a Comment